Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
23rd June 2016 16:18:47 Hours
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය සහ 613 බලසේනාව එක්ව පොසොන් බැති ගී පවත්වයි
එළඹෙන පොසොන් පොහෝ දිනට සමගාමීව ආරක්ෂක සේනා මූලස්ථාන විසින් දිවයින පුරා විවිධ ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කරනු ලැබීය. ඒ අනුව නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ජුනි මස 19 වන දින වැලිකන්ද නගර මධ්‍යයේ ‘මිහින්තලාවයි දහම් අමාවයි’ නමින් පොසොන් බැති ගී වැඩසටහනක් සංවිධානය කරනු ලැබීය. එම වැඩසටහන සඳහා නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ ඉල්ලීම පරිදි එම ප්‍රදේශයේ පාසල් ළමුන් සහ දහම් පාසල් ළමුන් සහභාගි වූහ. නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේ.එම්.යු විජේරත්නගේ පූර්ණ අධීක්ෂණය සහ මඟපෙන්වීම යටතේ එම වැඩසටහන සංවිධානය කරන ලදී. එම අවස්ථාව සඳහා සහභාගිවූවන් හට නොමිලේ ආහාර පාන ලබා දෙනු ලැබීය. මෙහිදී බැති ගී ප්‍රසංගය සඳහා සහභාගි වූ පාසල් ළමුන් හට ආරක්ෂක සේනා ආඥාපතිතුමා විසින් පාසල් උපකරණ අඩංගු ත්‍යාග පාර්සල් ලබා දෙන ලදී. එම බැති ගී ප්‍රසංගය නැරඹීම සඳහා ප්‍රදේශයේ විහාරස්ථානවල විහාරාධිපතිවරුන්, රාජ්‍ය නිලධාරීන්, 23 වන සේනාංකයේ සේනාංකාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින්, පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් බොහෝ පිරිසක් සහභාගි වූහ. මේ අතරතුර 613 බලසේනාවේ සෙබලුන් විසින් එම බලසේනා මූලස්ථානයේ පොසොන් පොහෝ දින තවත් ආගමික වැඩසටහනක් සංවිධානය කරනු ලැබීය. 613 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් අජන්ත විජේසූරියගේ උපදෙස් සහ මඟපෙන්වීම යටතේ එම වැඩසටහන් සංවිධානය කරනු ලැබීය. මෙහිදී පූජ්‍ය වල්පොල සරණහිමි විසින් ධර්ම දේශණය සිදු කරනු ලැබූ අතර, එහිදී දේශය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සහ යුද හමුදා සේවයේ නියුතු විරුවන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හට සෙත් පැතීම සිදු කරනු ලැබීය. මේ අතරතුර 613 බලසේනාවේ සහ 26 වන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු සෙබලුන් එක්ව පොසොන් බැති ගී සංදර්ශණයක් ද පවත්වනු ලැබීය. එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අණ දෙන නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් මෙන්ම දමිල ජනතාව තච්චනමරාදමඩු ප්‍රදේශයේ පාසල් ළමුන් සහ සිවිල් වැසියන් ද සහභාගි විය. මෙම ආගමික වැඩසටහන අවසානයේ සහභාගි වූවන් හට නිර්මාංශ රාත්‍රී අහාර වේලක් ද ලබා දෙනු ලැබීය.
jordan Sneakers
|
2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp