Header

Sri Lanka Army

Defender of the Nation

23rd June 2016 16:12:53 Hours

වන්නි භට පිරිස් සඳහිරු සෑය අභියස පොසොන් පුන් පොහෝ දිනය සමරයි

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරාගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 21 වන සේනාංක භට පිරිස් විසින් සඳුදා (20) දින අනුරාධපුර සඳහිරු සෑය අභියස ‘පොසොන් බැති ගී සරණියක්’සංවිධානය කරනු ලැබීය. මෙම වැඩසටහන වර්ණවත් කරමින් හා ආශිර්වාදයක්ගෙන දෙමින් වැඩම කරවූ අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලෙගම සිරිනිවාස හිමි ගෞරවපූර්වකව වන්නි ආරක්ෂක සේනා ආඥාපති විසින් පිළිගන්නා ලදී. මෙහිදී පැවති පොසොන් බැතී ගී ප්‍ර‍සංගය වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන භට පිරිස්,තන්තිරිමලේ ශ්‍රී සංඝමිත්තා දහම් පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්, පේමඩුව මන්නාරම හන්දිය ශ්‍රී ආනන්ද දහම් පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් ඉදිරිපත් කරනු ලැබූ අතර, එම අවස්ථාව සඳහා බෞද්ධ භික්ෂූන් වහන්සේලා, සිය ගණනක් වූ බැතිමතුන්, ප්‍රදේශයේ ජනතාව සහ යුද හමුදා භට පිරිස් සහභාගි විය. මෙහිදී ‘සඳ හිරු සෑය’ පරිශ්‍රයේ පොසාන් කූඩු ප්‍ර‍දර්ශණයක් ද පැවැත් වූ අතර, එම ස්ථානයේ පැවති බත් දන්සල මගින් ලබා දුන් රාත්‍රී ආහාරය විශාල සිවිල් ජනතාවක් විසින් භුක්ති විදිනු ලැබීය. Nike air jordan Sneakers | Nike - Sportswear - Nike Tracksuits, Jackets & Trainers