Header

Sri Lanka Army

Defender of the Nation

23rd June 2016 16:08:47 Hours

පෙසොන් පුන් පොහෝ දින බෝධි පූජා පිංකමක්

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 6 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ භට පිරිස් විසින් පොසොන් පුන් පොහොය දින (19) දේශය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සහ එම මූලස්ථානය යටතේ සේවයේ නියුතු භට පිරිස් හට ආශිර්වාද කරමින් බෝධි පූජා පිංකමක් සංවිධානය කරනු ලැබීය. මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන මූලදීප විහාරයේ පැවති එම බෝධි පූජා පිංකම අතරතුරදී මෛත්‍රීපුර ශ්‍රී බෝධිරුක්කාරාම විහාරයේ විහාරාධිපති පූජ්‍ය චන්ද්‍ර‍රතන හිමි විසින් ධර්ම දෙශණයක් ද සිදු කරනු ලැබීය. එම අවස්ථාව සඳහා මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන කර්නල් ප්‍ර‍ධාන මාණ්ඩලික කර්නල් එස් කස්තුරිමුදලි සමගින් නිලධාරීන් සහ භට පිරිස් රැසක් සහභාගි වූහ.Sportswear Design | Nike Air Force 1 Shadow White/Atomic Pink-Sail For Sale – Fitforhealth