Header

Sri Lanka Army

Defender of the Nation

18th June 2016 18:45:36 Hours

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය ‘පවුල් ජීවිත කළමණාකරනය’ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වයි

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ මඟපෙන්වීම යටතේ එම මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, ඉදිරිනඩත්තු පෙදෙස, බලසේනා සහ ඒකකයන් හි රාජකාරී නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින් සඳහා ‘සුරකිමු සුන්දර පවුල’ නමින් තවත් එක් දැනුවත් කිරීමේ වැඩමුළුවක් බ්‍ර‍ස්පතින්දා (16) දින එම මූලස්ථාන ප්‍ර‍ධාන ශ්‍ර‍වනාගාරයේ දී පවත්වනු ලැබීය. පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ළමා හිමිකම් ප්‍ර‍වර්ධන හා මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරී නිරංජලා ගුණරත්න මහත්මිය, අගලවත්ත ප්‍රාදේශිය ලෙක්ම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී අජිත් කුමාර මහතා, බේරුවල ප්‍රාදේශීය ලෙකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍ර‍වර්ධන නිලධාරිණි සදරේකා ලියනගේ මිය යන අයවලුන් විසින් වැඩමුළුව මෙහෙයවනු ලැබූ අතර ඒ සඳහා නිලධාරීන් 39 දෙනෙකු සහ සෙසු නිලයින් 188 දෙනෙකු සහභාගි වූහ. එමෙන්ම එදින වැඩමුළුව සඳහා කර්නල් ප්‍ර‍ධාන මාණ්ඩලික කර්නල් එස් කස්තුරිමුදලි සහභාගි විය.Nike air jordan Sneakers | NIKE RUNNING SALE