Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
18th June 2016 18:43:06 Hours
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ අන්තර් සේනාංක මලල ක්‍රීඩා උළෙල පැවත්වේ
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ භටපිරිස් තුල ක්‍රීඩා කුසලතාවයන් වැඩි දියුණු කිරීමේ අරමුණින් සංවිධානය කළ අන්තර් සේනාංක මලල ක්‍රීඩා උළෙල ජුනි මස 8 සිට 11 දක්වා නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථාන ක්‍රීඩා සංකීර්ණයේ දී පවත්වන ලදි. මෙහි සමාප්ති උළෙල සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේ.එම්.යූ. විජේරත්න සහභාගි වූ අතර, සරඹ සංදර්ශනයක්, තූර්ය වාදක සංදර්ශනයක් හා බෙර වාදන සංදර්ශනයක් ද එහිදි ඉදිරිපත් කරන ලදි. මෙම අන්තර් සේනාංක මලල ක්‍රීඩා උළෙලේ දී ලකුණු 171 ක් ලබාගනිමින් 23 වන සේනාංක කණ්ඩායම ශුරතාවය හිමි කර ගත් අතර, අනුශුරතාවය නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථාන කණ්ඩායම වෙත හිමි විය. නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ 22, 23 සහ 24 සේනාංක නියෝජනය කරමින් මලල ක්‍රීඩකයින් 250 කට වැඩි පිරිසක් මෙම ක්‍රීඩා උලෙල සඳහා සහභාගි වූහ. නැගෙනහිර පළාතේ පාසල් කිහිපයක් සඳහා මෙම ක්‍රීඩා උළෙලට සහභාගිවීමට අවස්ථාව ලබාදුන් අතර, එහිදි ඔවුන් මීටර් 4 x 400 පිරිමි හා කාන්තා සහය දිවීමේ ඉසව් සඳහා තරඟ කලහ. මෙහිදි 3 (සෙව්) ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ ලාන්ස් කෝප්‍රල් ඩබ්.පී.පී. අල්විස් සහ 18 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සාමාන්‍ය සෙබල සංජීව පිළිවෙලින් දක්ෂතම මලල ක්‍රීඩිකාව සහ දක්ෂතම මලල ක්‍රීඩකයා ලෙස කුසලාන හිමිකර ගන්නා ලදි. මෙම අවස්ථාව සඳහා වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 22,23 සහ 24 සේනාංකහි සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් මෙන්ම සෙසු නිලයින් සහ බෞද්ධ ආගමික ස්වාමින් වහන්සේලා, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, ප්‍රාදේශීය ලෙකම්වරුන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් මෙන්ම සිසුන් ද එක්ව සිටියහ.
bridge media
|
【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ