Header

Sri Lanka Army

Defender of the Nation

16th June 2016 21:46:08 Hours

නව ගොඩනැගිල්ලෙන් නව බලාපොරොත්තුවක්

යටිතල පහසුකම් නොමැතිවීම හේතුවෙන් පීඩාවට පත්ව සිටි කනගම්බිගයිකුලම් දමිළ විදුහලේ සිසුන්ගේ දීර්ඝ කාලීන බලාපොරොත්තුවක් ඉටු කරමින් නව ගොඩනැගිල්ලක් ප්‍ර‍දානය කරන ලදි. මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම බදාදා (15) දින 57 වන සේනාංකයේ සේනාංකාධිපති, සෙලින්කෝ ලයිෆ් රක්ෂණ සමාගමේ කලාප සංවර්ධන කළමනාකරු කේ. සුමන්දිරන් මහතා සහ එම පාසලේ විදුහල්පති අතින් 16 (සෙව්) ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් විසින් සංවිධානය කළ චාම් උත්සවයේ දී සිදුකෙරිනි. සෙලින්කෝ ලයිෆ් රක්ෂණ සමාගමේ තවත් එක් සුබසාධන වැඩසටහනක් ලෙස ඉදිකිරීමට නියමිත මෙම පන්ති කාමර ගොඩනැගිල්ලෙහි සිසුන් 200 දෙනෙකුට පමණ පහසුකම් සපයා ඇත. මේ සඳහා මූල්‍යමය දායකත්වය සෙලින්කෝ ලයිෆ් රක්ෂණ සමාගම විසින් දැරූ අතර, යුද හමුදා භට පිරිස් විසින් ශ්‍ර‍ම දායකත්වය ලබාදෙනු ලැබීය. 57 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් අනුර සුදසිංහ සමගින් 16 (සෙව්) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිළධාරී ලුතිතන් කර්නල් මහින්ද සරත්චන්ද්‍ර‍, සෙලින්කෝ ලයිෆ් රක්ෂණ සමාගමේ කලාප සංවර්ධන කළමනාකරු කේ. සුමන්දිරන් මහතා, කළමණාකාර දයාසීලන් මහතා, සහකාර කළමනාකරු කාන්තරූබන් මහතා සහ විදුහල්පති එස් සුන්දරලිංගම් මහත්මිය ඇතුළු යුද හමුදා නිළධාරීන්, සෙසුනිළයින්, ගුරුවරුන් හා පාසල් ළමුන් මේ අවස්ථාවට සහභාගී විය.Adidas footwear | NIKE HOMME