Header

Sri Lanka Army

Defender of the Nation

16th June 2016 21:38:10 Hours

1 වන ශ්‍රී ලංකා රයිෆල් බලකාය ඒකක ඉදිරිපත් කිරිමක් සිදුකරයි

මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඒ.පී ද ඉසෙඩ් වික්‍ර‍මරත්නගේ සහභාගීත්වයෙන් මහනුවර පල්ලෙකැලේ පිහිටි 1 වන රයිෆල් බලකා මූලස්ථානයේ දී එහි නිලධාරීන් විසින් ඒකක ඉදිරිපත් කිරීමක් සහ සජිවී නිදර්ශනයක් බදාදා (15) දින සිදුකරන ලදි. මෑත කාලීනව යුද හමුදාව තුල තමන්ගේ වෘත්තීය සංවර්ධනය සඳහා ඒකල සහ සමූහ දක්ෂතා බෙහෙවින් අවශ්‍ය කරුණක් වන බැවින් ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නිලධාරීන් හට තමන්ගේ දැනුම වර්ධනය කර ගැනීම අනාගත අභියෝග ජය ගැනීමට ඉවහල් වේ. මෙම ඉදිරිපත් කිරීම සහ සජිවී නිදර්ශනයේ තේමාව වූයේ ‘ඉරාකය හා සිරියාව තුල ඉස්ලාමික රාජ්‍යයයි’(ISIS). එම අවස්ථාව සඳහා මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 සහ 12 වන සේනාංකවල සේනාංකාධිපතිවරුන්, 111,121සහ 122 බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, ඒ යටතේ වන බලඇණිහි සියලුම අණදෙන නිලධාරීවරුන් මෙන්ම අදාල ප්‍රදේශවල මාණ්ඩලික නිලධාරීන් ද සහභාගි වූහ.bridgemedia | Nike Air Zoom Pegasus 38 Colorways + Release Dates , Fitforhealth