Header

Sri Lanka Army

Defender of the Nation

16th June 2016 21:23:00 Hours

තවත් පරිගණක පාඨමාලාවක් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ දී

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය විසින් නුගේගොඩ ‘Orient Academy Private Limited’ ආයතනය සමග ඒකාබද්ධව පවත්වනු ලැබූ පරිගණක පාඨමාලාව චාම් උත්සවයකින් මැයි මස 27 දින ආරම්භ කරන ලදි. ජුනි මස 15 වන දින නිමා වනු ලැබූ එම පාඨමාලාව සඳහා මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරී නියුතු සෙසු නිලයින් 19 දෙනෙකු සහභාගි වූහ. පාඨමාලාවෙහි ප්‍ර‍ථම, දෙවන සහ තෙවන ස්ථාන ලබා ගත් අයවලුන් සඳහා සහතික පත් ප්‍ර‍දානය මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන කර්නල් ප්‍ර‍ධාන මාණ්ඩලික කර්නල් එස්. කස්තුරිමුදලිගේ ප්‍ර‍ධානත්වයෙන් සිදු විය. මෙම පාඨමාලාවේ අවසන් දේශණය සිදු කළ කර්නල් ප්‍ර‍ධාන මාණ්ඩලික විසින් පරිගණක පාඨමාලාව හැදෑරීමේ වැදගත්කම පිළිබඳව කරුණු ඉදිරිපත් කරනු ලැබීය.Adidas shoes | UK Trainer News & Releases