Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
16th June 2016 14:47:02 Hours
ගං වතුරෙන් අවතැන් වූ පාසැල් සිසු දරු දැරියන් වෙත යුද හමුදාවෙන් පාසල් නිල ඇදුම්
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ අදහසකට අනුව පසුගියදා ඇති වූ ගංවතුර තත්වය හේතුවෙන් විපතට පත් වූ කොලොන්නාව වෙහෙරගොඩ විද්‍යාලයේ පාසල් දුවා දරුවන් සඳහා පාසල් නිල ඇදුම් බෙදා දීමේ උත්සවයක් 142 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩී.එම්.එච් බණ්ඩාරගේ සම්බන්ධීකරණයෙන් බදාද (15) දින පවත්වනු ලැබීය. එම වැඩසටහන 14 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණ දෙන නිලධාරීගේ පූර්ණ අධීක්ෂණය යටතේ කොලොන්නාව කඩුවෙල ප්‍රදේශයේ ගංවතුරෙන් විපතට පත් ළමුන් සඳහා ක්‍රියාත්මක කරන ලදී. එමෙන්ම යුද හමුදා විසින් සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහනට සමගාමීව ඩීඑස්අයි ආයතනය විසින් ළමුන් සඳහා පාසල් පොත් සහ වියලි සලාක ලබා දීම සිදු කරන ලදී. මෙහිදී කොලොන්නාව වෙහෙරගොඩ මහා විද්‍යාලයේ බදාදා උදෑසන පැවති මෙම වැඩසටහනේදී වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේ පිහිටි වෙහෛරගොඩ විහාරයේ විහාරාධිපති පූජ්‍ය අඹන්වෙල ඥානාලෝක සවාමීන් වහන්සේ සමගින් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු අංශයෙහි ප්‍රධානී පූජ්‍ය අගුණුකොළපැලැස්සේ විපුලසිරි ස්වාමීණ් වහන්සේලා විසින් ආගමික කටයුතු සිදු කරනු ලැබීය. සාම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දැල්වීමෙන් පසු මෙම වැඩසටහන ආරම්භ විය. මෙහිදී වෙහෙරගොඩ මහා විද්‍යාලය සහ මීතොටමුල්ල රාහුල විද්‍යාලයේ ගං වතුරෙන් විපතට පත් පාසල් ළමුන් 35 දෙනෙකු සඳහා මසා නිම කරන ලද පාසල් නිල ඇදුම් සහ අභ්‍යාස පොත් සංකේතාත්මකව පිළිගැන්වීම සිදු විය. කොලොන්නාව ප්‍රදේශයේ පිහිටි පාසල් 19 ක සිසුන් 250 දෙනෙකු සඳහා පාසල් උපකරණ ලබා දුන් අතර, ඔවුන්ගේ දෙමාපියන් හට වියලි සලාක ලබා දීම ද සිදු විය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ, 142 බලසේනාවේ බලසේනාධිපති, 14 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණ දෙන නිලධාරී සමගින් වෙහෙරගොඩ සහ මීතොටමුල්ල මහා විද්‍යාලයන්හි විදුහල්පතිවරුන් විසින් පිළිගන්නා ලදී. හෝමාගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ධම්මි කොඩිකාර මිය, කොලොන්නාව ප්‍රාදේශීය ලේකම්, පාසල් ළමුන් සහ ඔවුන්ගේ දෙමාපියන් මෙම වැඩසටහන සඳහා එක් විය. මේ අතරම ඉහත වැඩසටහනට සමගාමීව තවත් වැඩසටහනක් කඩුවෙල පිට්ටුගල පිහිටි යසෝදරා මහා විද්‍යාලයේ පැවති අතර, එහිදී එම විද්‍යාලයේ පාසල් ළමුන් 250 දෙනෙකු සඳහා මසා නිම කරන ලද පාසල් නිල ඇදුම්, අභ්‍යාස පොත් ලබා දුන් අතර, ඔවුන්ගේ දෙමාපියන් සඳහා වියලි සලාක ලබා දීමද මේ අවස්ථාවේ සිදු විය. එම අවස්ථාවට සහභාගි වූ බටහිර ආරක්ෂක සේනා ආඥාපති සහ 142 බල සේනාවේ බලසේනාධිපති, යසෝදරා විද්‍යාලයේ විදුහල්පතිනි චනද්‍රිකා සිල්වා මහත්මිය විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ අදහසකට අනුව ක්‍රියාත්මක වූ මෙම වැඩසටහනේදී ගංවතුරෙන් විපතට පත් වූ සහ කොස්ගම ප්‍රදේශයේ ඇති වූ පිපිරීම හේතුවෙන් විපතට පත් වූ පාසල් ළමුන් සඳහා පාසල් නිල ඇදුම් බෙදා දීම සිදු වූ අතර, එම අවස්ථාවට සහකාර ප්‍රාදේශීය ලේකම් කේ.එස් දිලානි මහත්මිය, පාසල් දුවා දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් සහභාගි වූහ.
Running sport media
|
Sneakers