Header

Sri Lanka Army

Defender of the Nation

13th June 2016 21:02:14 Hours

කිළිනොච්චියෙහි තවත් එක් දමිල පාඨමාලාවක් නිමා වේ

කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පවත්වනු ලැබූ 2 වන දමිල භාෂා පාඨමාලාව ජුනි (10) දින නිමා වූ අතර, ඒ සඳහා සෙසු නිලයින් 24 දෙනෙකු සහභාගි වූහ. යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ උපදෙස් අනුව කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයෙහි සේවයේ නියුතු යුද හමුදා සාමාජිකයින්ගේ දමිල භාෂාව පිළිබදව දැනුම වර්ධනය කිරීමේ අදිටනින් මැයි (2) දින එම පාඨමාලාව ආරම්භ කරනු ලැබීය. මෙම සහතික පත් ප්‍රදානය භාරතිපුරම් හි පිහිටි යුද හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසලේ දී පැවැත්වුණූ අතර, එහිදී පාඨමාලාවේ ශිෂ්‍යයන් විසින් ඔවුන්ගේ දමිල භාෂා දැනුම සහ හැකියාවන් ප්‍ර‍දර්ශණය කරන ලදී. එම පාඨමාලාවේ සහතිකපත් ප්‍ර‍දානෝතසවයෙහි ප්‍ර‍ධාන ආරාධිත අමුත්තා ලෙස 572 බලසේනාවේ බලසේනාධිපති කර්නල් එම්.ඒ ඉසදින් සහභාගි වූහ. මෙවර පාඨමාලාවෙහි ප්‍ර‍ථම ස්ථානය 4 වන සන්නද්ධ බුද්ධි බලකායෙහි සාමාන්‍ය සෙබල එච්.එම්.එම් ලක්ෂ්මන්, දෙවන ස්ථානය 11 වන ඉංජිනේරු සේවා බලකායෙහි ඉංජිනේරු සෙබල ඒ.එම්.එස්.එස් ගුණසේකර සහ තෙවන ස්ථානය 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබල ඩබ්.ඒ.එම් සෙනෙවිරත්න දිනා ගැනීමට සමත් විය. එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් මෙන්ම පාඨමාලාලාභීන් සහභාගි වූහ.short url link | nike fashion