Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
12th June 2016 14:18:56 Hours
කොස්ගම පතරොම් ගබඩාව පිපිරිමෙන් අලාභහානි වූ නිවාස 51 ක සම්පූර්ණ අලුත්වැඩියා කටයුතු යුද හමුදා ඉංජිනේරුවන් විසින් සිදුකරයි
කොස්ගම පතරොම් ගබඩාව පිපිරිමෙන් අලාභහානි වූ නිවාස 51 ක අලුත්වැඩියා කටයුතු අද (11) දින වන විට නිමකිරීමට යුද හමුදාව සමත් විය. මීට අමතරව ග්‍රාම නිලධාරී හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහයෝගය ලබාගනිමින් හානියට පත් නිවාසවල ඇස්තමේන්තු කිරීමේ කටයුතු ඉරිදා (12) දිනට ප්‍රථම නිම කිරීමට සැලසුම් කර තිබේ. යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ උපදෙස් පරිදි සිදුකරන මෙම කඩිනම් අලුත්වැඩියා කටයුතුවලට අමතරව ප්‍රදේශයේ ජනතාවගේ දෛනික ජන ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු යටිතල පහසුකම් ද නොඅඩුව සැපයීම අඛණ්ඩව සිදුකෙරෙයි. නාවික හමුදාව, ගුවන් හමුදාව, ශ්‍රි ලංකා පොලීසිය, විශේෂ කාර්ය බලකාය සහ රාජ්‍ය ආයතන වෙතින් නොඅඩුව ලැබෙන සහයෝගය මෙම කටයුතු කඩිනමින් කිරීම සඳහා යුද හමුදාවට මහත් රුකුලක් වී ඇත. පීඩාවට පත් පවුල් 78 ක සාමාජිකයින් 232 ක් මුරුතගම ප්‍රජා ශාලාව, බොල්තලාව, කලුඅග්ගල, බොරළුගොඩ යන විහාරස්ථානවල රැදී සිටියි. ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සැලසීම ද යුද හමුදාව විසින් අඛණ්ඩව සිදුකරන අතර, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙතින් ලබාදෙනු ලබන වියළි හා අමු සලාක උපයෝගී කරගනිමින් යුද හමුදාව විසින් ආහාර සකසා ප්‍රදේශ වාසීන් හට පිළිගැන්වීම ද අඛණ්ඩව සිදුකෙරෙයි. ඔවුන්ගේ ජල අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා නාවික හමුදාවේ සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව ළිං 549 ක් මේ වනවිට පිරිසිදු කර ඇත. මීට අමතරව, ප්‍රදේශයේ ජල ටැංකි 44 ක් ස්ථාපිත කර තවත් ජල ටැංකි අවශ්‍යතාවය මත ස්ථාපිත කරමින් සිටියි. ඒ සඳහා අවශ්‍ය ජලය යුද හමුදා ජල බවුසර් 05 ක් යොදා ගනිමින් සැපයීම සිදුකරන අතර, අවශ්‍යතාවය අනුව ජල සම්පාදන මණ්ඩලයේ සහාය ද ලබා ගනිමින් ජනතාවගේ ජල අවශ්‍යතා නොඅඩුව සපුරාලීමට ද විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත. ජනතාවට තාවකාලික නවාතැන් ගැනීමට අවශ්‍ය තරම් කුඩාරම් ද, සනිපාරක්ෂක කටයුතු සඳහා ක්ෂේත්‍ර වැසිකිලි 30 ක් ද සකස් කර ඇති අතර, වෛද්‍ය පහසුකම් ලබාදීම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීගේ සහාය ඇතිව වෛද්‍ය මධ්‍යස්ථාන සහ යුද හමුදා ජංගම වෛද්‍ය සේවාවන් ද ක්‍රියාත්මක වේ.
Best Authentic Sneakers
|
Yeezy Boost 350 Trainers