Header

Sri Lanka Army

Defender of the Nation

11th June 2016 15:30:14 Hours

ශාරීරික සෞඛ්‍ය පිළිබඳව කාන්තා සෙබලියන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

මනෝ විද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ සංවිධානයෙන් 2 වන සහ 4 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ නිලධාරීන් සහ සෙසු නිලයින් හට මානසික සහ ශාරීරික බලපෑම් පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් ජුනි මස 7 සිට 9 වන දින දක්වා වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේදී පවත්වන ලදී. මෙම වැඩසටහනෙහි අනුරාධපුර ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් වැළැක්වීමේ ඒකකයේ වෛද්‍ය ලලිත් ප්‍රියන්කර ධර්මසේන මහතා සමගින් මහජන සෞඛ්‍ය පරීක්ෂක ඇතුළු කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා යුද හමුදා මානසික සෞඛ්‍ය ඒකකයේ නිලධාරීන් දේශන පවත්වනු ලැබීය. එම දේශණයට අදාලව නීතිය පිළිබඳව දැනුවත් කිරීම යුද හමුදා නීති අධ්‍යක්ෂ මණ්ඩලයේ මේජර් සදුන් ගුණවර්ධන විසින් සිදු කරනු ලැබීය. එම වැඩමුළුව සඳහා 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ නිලධාරීන් 6 දෙනෙකු සහ සෙසු නිලයින් 163 දෙනෙකු මෙන්ම 4 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ නිලධාරීන් 7 දෙනෙකු සහ සෙසු නිලයින් 151 දෙනෙකු සහභාගි වූහ.Running sports | Zapatillas de running Nike - Mujer