Header

Sri Lanka Army

Defender of the Nation

11th June 2016 15:18:59 Hours

ආපදා කළමණාකරනය පිලිබඳව සෙබලුන් දැනුවත් කරයි

හදිසි ආපදා තත්වයකදී ක්‍රියා කළ යුතු ආකාරය පිළබදව දැනුවත් කිරීමේ පෙරහුරු වැඩසටහනක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් කොස්ලන්ද, බෙරගල ප්‍රදේශයේ දී බ්‍ර‍හස්පතින්දා (09) දින දී පවත්වන ලදි. මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඒ.පී ද ඉසෙඩ් වික්‍ර‍මරත්නගේ උපදෙස් යටතේ 7 වන ශ්‍රී ලංකා සංඥා බලකායෙහි සහ 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායෙහි නිලධාරීන් දෙදෙනෙකු සහ සෙසු නිලයින් 20 දෙනෙකු මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය. ආපදා තත්වයක දී ක්‍රියාකල යුතු ආකාරය සහ එහි අනුගමනය කළ යුතු ආරක්ෂක ක්‍රමෝපායන් පිළිබඳ බදුල්ල දිස්ත්‍රික්කයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික්ක සම්බන්ධිකාරක ඊ.එම්.එල්.යූ. කුමාර මහතා විසින් මෙම අවස්ථාවට සහභාගීවූවන් දැනුවත් කරනු ලැබීය. මෙම වැඩසටහනේදී සිවිල් වැසියන් සහ සෙබලුන් එක්ව ආපදා කළමණාකරන මධ්‍යස්ථාන උපදේශකයින්ගේ උපදෙස් අනුව පෙරහුරු ඉදිරිපත් කරනු ලැබීය. Sports Shoes | nike air speed turf rose gold price per gram