Header

Sri Lanka Army

Defender of the Nation

10th June 2016 17:01:23 Hours

යුද හමුදා භට පිරිස් ගින්න පාලනය කරයි

මහගොඩයාය තේක්ක වනයේ බදාදා (8) දින හදිසියේ ඇති වූ ගින්න 121 බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ.ඒ.එන්.එන්. කොස්වත්තගේ උපදෙස් මත මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 121 බලසේනාවේ සහ 18 වන ගැමුණු හේවා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් මැඩපවත්වන ලදි. ඒ අනුව121 බලසේනාවේ බලසේනාධිපතිගේ කෙටි දැනුම් දීමකින් අනතුරුව 18 වන ගැමුණු හේවා බලකායේ අණ දෙන නිලධාරී ලුතිතන් කර්නල් රොෂාන් ධර්මවික්‍ර‍මගේ උපදෙස් මත 121 බලසේනාවේ නිලධාරීයෙකු සහ සෙසු නිලයින් 15 දෙනෙකු මෙන්ම 18 වන ගැමුණු හේවා බලකායේ නිලධාරීන් 02 ක් සහ සෙසු නිලයින් 30 දෙනෙකු ,ප්‍රදේශයේ සිවිල් වැසියන්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සාමාජිකයන් හා එක්ව එම ගින්න මුළුමනින්ම වතුයාය පුරාම පැතිරිම වළක්වාලීමට කටයුතු කරන ලදි. එහි ප්‍ර‍තිඵලයක් ලෙස බදාදා (8) පස්වරු 1.30 වන විට මහගොඩයාය වනයේ ඇති වූ ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පැවැත්වීමට මෙම පිරිසට හැකි විය.best shoes | Nike News