Header

Sri Lanka Army

Defender of the Nation

10th June 2016 13:07:38 Hours

කොස්ගම සාලාව කඳවුරේ පිපීරීමෙන් ජීවිතක්ෂයට පත් හමුදා සෙබලාගේ අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරව සහිතව

සාලාව කොස්ගම හමුදා කඳවුරේ ඉරිදා (5) දින ඇති වූ පිපිරීයාම හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ 5 වන ගජබා රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍ර‍ල් කේ ජානක චමින්දගේ අවසන් කටයුතු (9) පස්වරුවේ බුත්තල වැලිවිට උල්ලර පොදු සුසාන භූමියේ දී පූර්ණ හමුදා ගෞරව සහිතව සිදු විය. 1996 ශ්‍රී ලංකා යුද හමුදාව වෙත බැදුණු ලාන්ස් කෝප්‍ර‍ල් චමින්ද 40 වන වියෙහි පසුවන අතර, දරුවන් දෙදෙනෙකුගේ ද පියෙකි. මෙම ඛේදවාචකය සිදු වී පසු දින (6) ඔහු නිවාඩු යෑමටද නියමිතව තිබුණි. මිය ගිය ඔහුගේ දේහය මූලික පරීක්ෂණවලින් අනතුරුව අඟහරුවාදා (7) උදෑසන බුත්තල මැදගම පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන යන ලදී. ජීවිතක්ෂයට පත් වූ හමුදා සෙබලාගේ අවසන් කටයුතු බොහෝ පිරිසකගේ ගෞරවාචාර මධ්‍යයේ සිදු වූ අතර, ඒකක අණ දෙන නිලධාරී විසින් නිකුත් කරන ලද ඔහුගේ 1 වන කොටසේ නියෝගය එම අවස්ථාවේදී කියවන ලදී. 1 වන කොටසේ නියෝගය පහත දැක්වේ. short url link | Nike Off-White