Header

Sri Lanka Army

Defender of the Nation

09th June 2016 20:27:07 Hours

නව නිපැයුම් ප්‍රදර්ශණය නැරඹිමට සිවිල් වැසියන් ද එක්වේ

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ උපදෙස් මත මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය විසින් ‘රණ තෙද විස්කම් - 2016’ නමින් නවෝත්පාදන ප්‍රදර්ශණයක් ජුනි මස 06 සහ 07 යන දිනයන්හි එම ආරක්ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ දී පවත්වන ලදි. මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස්. විතානගේ ගේ අධික්ෂණයෙන් සංවිධානය කළ ‘රණ තෙද විස්කම් - 2016’ ප්‍ර‍දර්ශනය විවෘත කිරීම එහි ප්‍ර‍ධාන ආරාධිත අමුත්තිය ලෙස සපැමිණි මුලතිව් දිස්ත්‍රික් ලේකම් ආර්. කේතිස්වරි මහත්මිය විසින් සිදු කළ අතර, මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති, සේනාංකාධිපතිවරුන් මෙන්ම බලසේනාධිපතිවරුන් ද මීට එක්ව සිටියහ. මේ සඳහා මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති සේනාංක, බලසේනා සහ බලඇණිවල සෙබලුන්ගේ නව නිපැයුම් 38 ක් ප්‍රදර්ශනය කර තිබූ අතර, මීට අමතරව එම් ඩි ගුණසේන සමාගම විසින් එහිදි පොත් ප්‍ර‍ර්ශනයක් ද පවත්වන ලදි. එමෙන්ම, මෙම ප්‍රදර්ශනයේ දෙවන දින (07) ගුරුවරුන් සමඟින් පාසල් සිසුන් 700 කට වැඩි පිරිසක් මෙම ප්‍ර‍ර්ශනය නැරඹිම සඳහා සහභාගි වූ අතර, එහිදි ඔවුන් ඉතා උද්යෝගයෙන් යුතුව නව නිපැයුම් පිළිබඳ තොරතුරු විමසන ලදි. මෙම අවස්ථාවට සහභාගි වූ ගුරුවරුන් සහ සිසුන් වෙත ආහාරපාන ආදිය ලබාදීම ද භට පිරිස් විසින් සිදුකෙරිනි. තවද, මෙම සිසුන් වෙත මුලතිව් භටපිරිස් විසින් අධ්‍යාපන වටිනාකමකින් යුත් විඩීයෝ දර්ශන නැරඹිමට ද මෙහිදි අවස්ථාව උදා කරදෙන ලදි. මුලතිව් භට පිරිස් විසින් නිර්මාණය කරන ලද නව නිපැයුම් නිරික්ෂණය කිරීම සඳහා යුද හමුදා මුලස්ථානයේ නියෝජිත කමිටුව සමගින් යාපනය විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඊ.වයි.ඒ. චාර්ල්ස් මහතා ද පැමිණියහ. මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති, සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද, අනෙකුත් නිලධාරීන් මෙන්ම සෙසු නිලයින් සමගින් පාසල් සිසුන් 700 කට වැඩි පිරිසක්, ගුරුවරුන් මෙන්ම සිවිල් වැසියන් ද මෙම ප්‍ර‍දර්ශනය නැරඹිම සඳහා පැමිණ සිටියහ.Buy Kicks | Air Jordan