Header

Sri Lanka Army

Defender of the Nation

08th June 2016 16:18:50 Hours

66 වන සේනාංකය තවත් පරිගණක පාඨමාලාවක් පවත්වයි

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ උපදෙස් අනුව 66 වන සේනාංකය විසින් Future Step IT Solution Private Limited ආයතනය සමඟ එක්ව හමුදා සාමාජිකයින් තුල පරිගණක තාක්ෂණය පිළිබඳ න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම වර්ධනය කරගැනීමේ අරමුණින් පැවැත් වූ මුලික පරිගණක පාඨමාලාව ජූනි මස 03 වන දින 66 වන සේනාංක මූලස්ථානයේ දී අවසන් විය. සෙසු නිලයින් 40 දෙනෙකු සහභාගි වූ මෙම පාඨමාලාව සිකුරාදා (7) දින නිමා විය. මෙම පාඨමාලාව අවසානයේ පාඨමාලා ලාභීන් වෙත Future Step IT Solution Private Limited ආයතනය මඟින් වටිනා සහතිකපතක් ද පිරිනමනු ලැබීය. එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයින් මෙන්ම එම ආයතනයේ උපදේශකයින් ද එක්ව සිටියහ.Mysneakers | Air Jordan 1 Retro High OG "UNC Patent Leather" Obsidian/Blue Chill-White UK