Header

Sri Lanka Army

Defender of the Nation

08th June 2016 16:07:08 Hours

ආපදා කළමනාකරණය පිළිබඳ ගජබා රෙජිමේන්තුවේ සහ විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් දැනුවත් කෙරේ

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේ.එම්.යූ. විජේරත්නගේ මඟපෙන්වීම යටතේ 22 වන සේනාංකය විසින් ආපදා කළමනාකරණය පිළිබඳ භට පිරිස් දැනුවත් කිරීමේ අරමුණින් පුහුණු වැඩසටහනක් පවත්වන ලදි. ඒ අනුව 2 (සෙව්) ගජබා රෙජිමේන්තුවේ සහ 22 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් ඇඹිලිපිටිය මූලික ඉංජිනේරු පාසලේ දී ගිනි නිවීමේ හා ප්‍රථමාධාර පිළිබඳව සහ ඌව කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ දී මූලික කුසලතා සංවර්ධනය වැනි කරුණු අවධාරණය කරමින් ආපදා කළමනාකරණ පිළිබඳ දැනුවත් කිරීම සිදුකෙරිනි. මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමෙන් පසු 2 (සෙව්) ගජබා රෙජිමේන්තු භට පිරිස් වෙත 221 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඒ.පී.අයි. ප්‍ර‍නාන්දු විසින් සහතිකපත් ප්‍ර‍දානය කළ අතර, තාවුලුවැව පුහුණු පාසලේ දී 22 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් වෙත සහතිකපත් ප්‍ර‍දානය කිරීම 222 බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩි.එම්.ඩි.කේ.බී. පුස්සැල්ල විසින් සිදු කරන ලදි.Authentic Sneakers | Nike Shoes