Header

Sri Lanka Army

Defender of the Nation

06th June 2016 13:21:15 Hours

යාන්ත්‍රික පාබල රෙජිමේන්තු අධිපති පුහුණු මධ්‍යස්ථානයේ සංචාරයක නිරත වේ

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මැයි මස 28 වන දින යාන්ත්‍රික පාබල රෙජිමේන්තු පුහුණු මධ්‍යස්ථානයේ සහ වව්නියාව, මැණික්ෆාම්හි පිහිටි 2 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මූලස්ථානයේ සංචාරයක නිරත විය. යාන්ත්‍රික පාබල රෙජිමේන්තු බලසේනාවේ බලසේනාධිපති කර්නල් ශාන්ත හේරත් විසින් යාන්ත්‍රික පාබල රෙජිමේන්තු පුහුණු මධ්‍යස්ථානය වෙත පැමිණි මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, උණුසුම් ලෙස පිළිගන්නා ලදි. එහිදි මේජර් ජෙනරාල් කමල් ගුණරත්න වෙත සම්මාන මුරයක් පිරිනැමූ අතර, අනතුරුව ඔහු විසින් පුහුණු මධ්‍යස්ථානය සහ ඒ අවට පරිශ්‍ර‍ය පරික්ෂා කරනු ලැබීය. තවද, එහිදි නවතමයෙන් ඉදිකළ නිලධාරී නිවස්නය ද රෙජිමේන්තු අධිපති විසින් විවෘත කරන ලදි. අවසානයේ මේජර් ජෙනරාල් කමල් ගුණරත්න විසින් 2 වන යාන්ත්‍රික පාබල මූලස්ථානයේ ද සංචාරය කළ අතර, එහි අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් විජයනාත් ජයවීර විසින් එතුමා පිළිගනු ලැබීය. තවද, මූලස්ථාන ප්‍ර‍ධාන ශ්‍ර‍වණාගාරයේ දී නිලධාරීන් ඇමතීම ද සිදුවිය. මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එල්.එස්. බාලචන්ද්‍ර ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.latest jordan Sneakers | Women's Designer Sneakers - Luxury Shopping