Header

Sri Lanka Army

Defender of the Nation

03rd June 2016 23:53:40 Hours

ගැබිනි මව්වරුන් සඳහා 11 වන සේනාංකයෙන් තවත් ප්‍ර‍ජා ව්‍යාපෘතියක්

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංක මූලස්ථානය විසින් මහනුවර දිස්ත්‍රික්කයේ ගැබිනි මව්වරුන් සඳහා නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලදි. එහිදි සෙන්කඩගල සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පසුගිය ඉරිදා (29) දින ගැබිනි මව්වරුන් 500 ක් වෙනුවෙන් සංගීත සුවතා රසවින්දනාත්මක වැඩසටහනක් පැවැත්විය. 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩි.එස්.එන්.කේ. සේනාධීරගේ යෝජනාවකට අනුව මහරගම සෙනෙසහ සෞඛ්‍ය හා අධ්‍යාපන ආයතනයේ සේවයේ නියුතු ජනප්‍රිය සංගීතඥයෙකු වන විශාරද සුදත් සමරසිංහ මහතා විසින් මෙහිදි සංගීතය උපයෝගී කරගනිමින් සිය දේශනය සිදු කරන ලදි. මෙම වැඩසටහන අවසානයේ 11 වන සේනාංක භට පිරිස් විසින් සහභාගී වූවන් සඳහා දිවා ආහාරය සහ අනෙකුත් ආහාර පාන ලබාදීම සිදුකළ අතර, සියලුම බලසේනා සහ ඒකක ද මෙම කටයුතු සාර්ථක කරගැනීම සඳහා සිය සහයෝගය ද ලබාදෙන ලදි.jordan Sneakers | Jordan Ανδρικά • Summer SALE έως -50%