Header

Sri Lanka Army

Defender of the Nation

03rd June 2016 23:38:20 Hours

වඩා යහපත් අනාගතයක් සඳහා යුද හමුදාව විසින් දිවයින පුරා රුක් රෝපණ වැඩසටහන් දියත්කරයි

අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ප්‍ර‍කාශයට පත්කළ ජාතික පරිසර සතියට (මැයි මස 30 සිට ජුනි මස 05) සමගාමිව යුද හමුදාව විසින් දියත් කළ දැවැන්ත ජාතික ව්‍යාපෘතියක් ලෙස දිවයින පූරා ස්ථාපිත මූලස්ථානවලට අයත් ප්‍රදේශවල රුක් රෝපන වැඩසටහන් සිකුරාදා (03) දින ආරම්භ කරන ලදි. මෙහි ප්‍ර‍ධාන උත්සවය යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ප්‍ර‍ධානත්වයෙන් බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ පනාගොඩ යුද හමුදා ජනපදයේ දී සිකුරාදා (03) දින පැවැත්විය. යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, යුද හමුදා මාණ්ඩලික ප්‍ර‍ධානි මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍ර‍ධානි මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා, ස්වේච්ජා බලසේනා සේනාවිධායක මේජර් ජෙනරාල් චන්න ගුණතිලක, බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ ඇතුලු අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් පළතුරු පැළ, ඹෟෂධිය වටිනාකමකින් යුත් පැළ වර්ග මෙන්ම දුර්ලබ ශාක විශේෂ ද සකේතාත්මකව මෙහි දී රෝපනය කළ අතර, යුද හමුදා අනෙකුත් සියලු ස්ථානවල ද මෙසේ සිදු කරන ලදි. මෙය ජාතික වශයෙන් දැනුවත් කිරීමේ ව්‍යාපෘතියක් වන මෙම පාරිසරික සංරක්ෂණ වැඩසටහන් පහත තේමාවන් යටතේ එනම්, අදාල ප්‍රදේශ පිරිසිදු කිරීම, අපද්‍ර‍ව්‍ය කළමණාකරනය සහ පරිසර දූෂණය (ජූනි 02), වන වගා ව්‍යාප්තීය, පාසල් සහ රාජ්‍ය ආයතන තුල පාරිසරික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම (ජූනි 03), ජෛව විවිධත්ව වැඩසටහන්, භූගෝලීය හා දේශගුණික පරිහානිය වැළැක්වීම, පරිසර හිතකාමී වායු සමීකරණ හා සිසිලන තාක්ෂණික ක්‍රම හඳුන්වා දීම‍(ජූනි 04) මෙන්ම හරිත රැකියා අවස්ථා ප්‍ර‍වර්ධනය කිරීම, සියලුම ආගමික ස්ථානවල පැළ රෝපනය කිරීම සහ ජාත්‍යන්තර පරිසර දිනය සැමරීම (ජූනි 05) යටතේ දිවයිනම ආවරනය වන පරිදි සියගණනක් වූ රාජ්‍ය හා පුද්ගලික ආයතන, පාසල් සිසුන් සහ අනෙකුත් පරිසරික ආයතන මේ සඳහා දායකත්වය ලබාදුන්හ. සිකුරාදා (03) දින පනාගොඩ පැවති යුද හමුදාවේ ප්‍ර‍ධාන වැඩසටහනට සමගාමිව වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය, මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය, යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය, නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය, මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය මෙන්ම කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය ද එවැනිම වැඩසටහන් ක්‍රියාත්මක කළ අතර, එම ආරක්ෂක සේනා මූලස්ථාන යටතේ පවතින සේනාංක, බලසේනා, සියලුම ඒකක පිළිවෙලින් සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන් සහ ඒකක අණදෙන නිලධාරීන්ගේ මඟපෙන්වීම යටතේ වෙන් වෙන් වශයෙන් පාරිසරික වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි. වව්නියාව මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රාදේශීය නිලධාරී ජයලත් බාලසූරිය මහතා, වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා සමඟින් සිකුරාදා (03) දින එම ආරක්ෂක සේනා මූලස්ථානය දියත් කළ වැඩසටහන සඳහා සහභාගිවිය. එහිදි රුක් රෝපන වැඩසටහනක්, ආරක්ෂක සේනා මූලස්ථානය තුල ඉවතලන ද්‍ර‍ව්‍ය බහාලන උපකරණ ස්ථානගත කිරීම, දැනුවත් කිරීමේ වැඩසටහන් මෙන්ම 54 වන සේනාංක භට පිරිස් විසින් මන්නාරම් මුහුදු තීරය සුද්ධ පවිත්‍ර‍කිරීමේ වැඩසටහනක් ද ඇතුලු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන ලදි. මේ අතර, බදුල්ල මධ්‍යම පරිසර අධිකාරියේ සහකාර ලේකම් තුසිත දිසානායක මහතා විසින් පරිසර සංරක්ෂණය සඳහා යුද්ධ හමුදා භට පිරිස්හි දායකත්වය යන මැයෙන් මධ්‍යම ආරක්ෂක සේනා භට පිරිස් වෙත විශේෂ දේශනයක් පැවැත් වූ අතර, මෙම අවස්ථාවට එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඒ.පී.ද ඉසෙඩ්. වික්‍ර‍මරත්න එක්ව සිටියහ. සිකුරාදා (03) දින මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් නිලධාරී නිවස්නය පිහිටි ප්‍රදේශය ඇතුලු එම කඳවුරු භුමියේ දී රුක් රෝපන වැඩසටහනක් ක්‍රියාත්මක කළ අතර, එදිනම (03) ආරක්ෂක සේනා ආඥාපතිගේ ප්‍ර‍ධානත්වයෙන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ සහභාගීත්වයෙන් කලුඅඹතැන්න යුද හමුදා ගොවිපළෙහි ද රුක් රෝපනය කිරීමේ උත්සවයක් ද පැවැත්විය. තවද, 7 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ භට පිරිස් ද රුක් රෝපන වැඩසටහනක් දියත් කරන ලදි. එමෙන්ම, ජාතික පරිසර සතියේ පළමු දිනයේ දී එනම් මැයි මස 30 වන දින කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ දී ද පැළ සිටවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදි. කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ දී එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ අධික්ෂණය යටතේ පැළ 23 ක් රෝපනය කිරීම සිදුවිය. මීට අමතරව, මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස්. විතානගේ ඇතුලු නිලධාරීන් සහ සෙසු නිලයින් ද පසුගිය සිකුරාදා (03) දින උදෑසන එම ආරක්ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ පැළ කිහිපයක් රෝපනය කිරීම සිදු කෙරිනි. යුද හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය පුහුණු ලාභීන් රාජාංගනය මහවැලි අධිකාරිය සමඟ එක්ව ජුනි මස 03 වන දින රාජාංගනය ගං ඉවුර අසබඩ උණ පැළ 1000 ක් රෝපනය කරන ලදි. එමෙන්ම, අම්පාර සටන් පුහුණු පාසල ද ජුනි 03 වන දින රුක් රෝපන වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය. ඊට සමගාමීව නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිගේ මගපෙන්වීම යටතේ එම ආරක්ෂක සේනා මූලස්ථාන සෙබලුන් විසින් පරිසර දිනයට (මැයි 30) සමගාමීව වැලිකන්ද මූලික රෝහල පිරිසිදු කිරීමේ ශ්‍ර‍මදාන වැඩසටහනක් පවත්වා ඇත. එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකයෙහි 233 බලසේනාවේ යටතේ ඇති 18 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු සෙබලුන් විසින් පරිසර දිනයට සමගාමීව මඩකලපුව - ත්‍රිකුණාමලය මාර්ගය දෙපස රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කළ අතර, චල්ලතිව් මුහුදු තීරය පවිත්‍ර‍කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කරන ලදී. මෙම අවස්ථාවට වාකරේ කාරලෙයිපත්තු උතුර ප්‍රාදේශීය ලේකම්, බලසේනාධිපති සහ සිවිල් වැසියන් 200 ක් පමණ සහභාගි වූහ.Sports brands | Air Jordan Release Dates 2020