Header

Sri Lanka Army

Defender of the Nation

02nd June 2016 18:23:47 Hours

තවත් පුහුණු දින වැඩසටහනක් මුලතිව් ආරක්ෂක සේනාවෙන්

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස්. විතානගේ ගේ මඟපෙන්විම මත එම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, ඉදිරි නඩත්තු පෙදෙස, බලසේනා සහ ඒකකයන්හි සේවයේ නියුතු නිලධාරින් වෙනුවෙන් තවත් පුහුණු දින වැඩසටහනක් බදාදා (01) දින මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථාන ප්‍ර‍ධාන ශ්‍ර‍‍වණාගාරයේ දි පවත්වන ලදි. නිලධාරින් 50 දෙනෙකු සහභාගි වූ මෙම පුහුණු දින වැඩසටහන සඳහා මුලතිව් ආරක්ෂක සේනා කර්නල් ප්‍ර‍ධාන මාණ්ඩලික කර්නල් එස්. කස්තුරිමුදලි ද එක්ව සිටියහ. එහිදි 5 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ මේජර් කේ.ඩබ්.එස්.කේ.ටි. කාරියවසම් විසින් ‘ඉගෙනීමේ කලාව’ මැයෙන් සහ 6 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ ලුතිතන් ටි.එච්.පි.සී. සෝමතිලක විසින් ‘අකුණු අපදා සහ එයින් වැළකීම’ මැයෙන් ද ඉදිරිපත් කිරීම් සිදු කරන ලදී. Adidas footwear | adidas NMD Human Race