Header

Sri Lanka Army

Defender of the Nation

02nd June 2016 11:44:01 Hours

ජාතික පරිසර සතිය වෙනුවෙන් කිලිනොච්චි භට පිරිස් රුක් රෝපන වැඩසටහනක නිරත වේ

ලෝක පරිසර දිනයට සමගාමිව අතිගරු ජනාධිපතිතුමා විසින් ජාතික පරිසර සතියක් ප්‍ර‍කාශයට පත් කිරීමෙන් අනතුරුව, කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ අධික්ෂණය යටතේ එම ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පසුගිය අඟහරුවාදා (31) දින රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි. ඒ අනුව කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍ර‍ධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් ආර්.එම්.පී.ජේ. රත්නායකගේ සහභාගීත්වයෙන් එම ආරක්ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ දී පැළ 23 ක් රෝපනය කිරීම සිදුවිය. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් මෙන්ම සෙසු නිලයින් ද සහභාගි වූහ.Running sneakers | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp