Header

Sri Lanka Army

Defender of the Nation

01st June 2016 13:04:55 Hours

ඉංජිනේරු සේවා රෙජිමේන්තුව වෙසක් පහන් කූඩු තරඟයේ ජයග්‍ර‍හණය හිමි කර ගනී

‘බුද්ධ රශ්මි’ ජාතික වෙසක් කලාපය වෙත බලලත් නිලධාරි 1 එන්.එච්.ඩී සංජීවගේ මූලිකත්වයෙන් තවත් ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ 20 දෙනෙක්ගෙන් යුත් භට පිරිසක් එක්ව සකසා සිය වෙසක් නිර්මාණය ඉදිරිපත් කළ අතර, එය එම තරඟයේ ප්‍ර‍ථම ස්ථානය දිනා ගැනීමට සමත් වූයේ ඊට හිමි ටාටා වර්ගයේ සිංගල් කැබ් රථය ද දිනා ගනිමිනි. ස්වාභාවික අමුද්‍ර‍ව්‍ය උපයෝගි කොට ගෙන මෙම වෙසක් නිර්මාණය සකස් කළ අතර, පදම් කළ තල් කොළ සහ නාවපට්ටා මේ සඳහා යොදා ගත්හ. මෙම භට කණ්ඩායම මීට ප්‍ර‍ථම ද පළමු ස්ථාන දිනාගනු ලැබීය. එනම් 2013, 2014 මෙන්ම මෙම 2016 වසර ද ඊට ඇතුලත් වේ. එමෙන්ම 2015 වසරේ දී ඔවුන් මෙම තරඟයෙන් දෙවන ස්ථානය දිනා ගත්හ. ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ උපදෙස් මත ඔවුන්ට මෙම නිර්මාණය සකස් කිරීමට මාස දෙකක පමණ කාලයක් වැය විනි. Sportswear Design | Nike Shoes