Header

Sri Lanka Army

Defender of the Nation

31st May 2016 19:29:30 Hours

ලෙබනන් සාමසාධක භට පිරිස් මෙන්ම 53 වන සේනාංක භට පිරිස් ද වෙසක් උත්සවය සමරයි

53 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ මඟපෙන්විම යටතේ එම සේනාංකයේ භට පිරිස් විසින් සියලුම බලසේනා සහ ඒකකයන්හි සහාය ඇතිව මැයි මස 21 දින සිට 28 දින දක්වා වෙසක් කූඩු ප්‍ර‍දර්ශනයක් පවත්වන ලද අතර, එහි දි ජයග්‍රාහකයින් වෙත ත්‍යාග සහ සහතිකපත් පිරිනැමිම සේනාංකාධිපති විසින් සිදු කරන ලදි. එමෙන්ම, වෙසක් පොහොය දිනය නිමිත්තෙන් 61 වන සේනාංකයේ භට පිරිස් ද එම සේනාංකයේ සේනාංකාධිපතිගේ මඟපෙන්විම යටතේ වෙසක් කූඩු සහ විවිධ වර්ණවත් සැරසිලි ආදිය ඇතුලත් ප්‍ර‍දර්ශනයක් සංවිධානය කොට තිබු අතර, එම වෙසක් කූඩු තරඟයේ ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග පිරිනැමීම සේනාංකාධිපති අතින් සිදුවිය. ලෙබනන්හි සාමසාධක රාජකාරියේ නියුතු ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් ද ඔවුන්ගේ නිර්මාණාත්මක හැකියාවන් විදහා දක්වමින් වෙසක් කලාපයක් නිර්මාණය කරමින් පහන් කූඩු ප්‍ර‍දර්ශනයක් මෙන්ම බෙලිමල් සහ කඩල දන්සැලක් ද ශ්‍රී ලංකා බලඇණි මූලස්ථානයේ දී වෙසක් පොහොය (21) දිනයේ දී පවත්වන ලදි. මෙම බලඇණියේ නිලධාරින් සහ සෙසු නිලයින්ගේ සහභාගීත්වයෙන් පැවති බෝධි පූජා පිංකමින් අනතුරුව 10 වන ලෙබනන් සාමසාධක බලඇණියේ අණදෙන නිලධාරි විසින් එම වෙසක් කලාපය විවෘත කළ අතර, මේ සඳහා සහභාගි වූවන් වෙනුවෙන් බෙලිමල් සහ කඩල දන්සලක් ද පැවැත්විය. උදෑසන බුද්ධ පූජාවෙන් අනතුරුවම ඊට පසු දින (22) ද එම වැඩසටහන ක්‍රියාත්මක කළ අතර, ඒ සඳහා යුද හමුදා සහ සිවිල් කාර්ය මණ්ඩලය ඇතුලු විශාල පිරිසක් සහභාගි වූහ.spy offers | Nike Dunk Low Disrupt Pale Ivory - Grailify