Header

Sri Lanka Army

Defender of the Nation

31st May 2016 18:44:13 Hours

61 වන සේනාංකය සිය 8 වන සංවත්සරය සමරයි

බ්‍රිගේඩියර් හරින්ද්‍ර‍පෙරේරාගේ සේනාංකාධිපතිත්වයෙන් යුත් 61 වන සේනාංකයේ භට පිරිස් මැයි මස 30 වන දින සිය 8 වන සංවත්සරය එම සේනාංක පරිශ්‍රයේ දී උත්සවාකාරයෙන් සමරනු ලැබීය. ආගමික වතාවත්වලට මුල්තැනක් දෙමින් මෙම සැමරුම සංවිධානය කොට තිබූ අතර, එහි දී දිවි පිදූ රණවිරුවන්ට පිං පැමිණවීමත්, සේවයේ යෙදී සිටින රණවිරුවන්ට සෙත් පැතීමත් සිදු කෙරිනි. අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස දී බෞද්ධ ආගමික වතාවත් සහ පුවරසන්කුලම්හි මුරුගන් හින්දු කෝවිලේ දී හින්දු ආගමික වතාවත් ද මඩු දේවස්ථානයේ දී කතෝලික ආගමික කටයුතු ද වව්නියාව ජුම්මා මුස්ලිම් පල්ලියේ දී ඉස්ලාමීය ආගමික වතාවත් ද ඉටු කරනු ලැබීය. එමෙන්ම හමුදා සම්ප්‍ර‍දායානුකූලව බ්‍රිගේඩියර් හරින්ද්‍ර‍පෙරේරා වෙත සම්මාන මුරයක් සහ ආචාර පෙළපාලියක් පිරිනැමීම ද එදිනම (30) සිදු කෙරිනි. අනතුරුව සියලු නිලයින් සඳහා දිවාභෝජන සංග්‍ර‍හයක් පැවැත්වූයේ සැමගේ විනෝදාස්වාදය මධ්‍යයේය. සියලු නිලධාරින් එක් වී මෙම 61 වන සේනාංක භූමියේ රුක්රෝපණයක් ද සිදු කලහ. විනෝදාස්වාදය පිණිස සංවිධානය කළ සංගීත ප්‍ර‍සංගයට විශාල පිරිසක් එක් ව සිටියහ. Best Authentic Sneakers | Nike