Header

Sri Lanka Army

Defender of the Nation

31st May 2016 18:35:10 Hours

‘කාර්යක්ෂමතාව’ පිළිබඳ වැඩමුළු අංක 03 පැවැත්වේ

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් එම මූලස්ථාන පරිශ්‍රයේ දී මැයි මස 26 - 27 යන දිනයන්හි නිලධාරින් 36 දෙනෙකු සඳහා වැඩමුළුවක් පවත්වන ලදි. එම වැඩමුළුවෙහි ආරම්භක දේශනය වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ කර්නල් ප්‍ර‍ධාන මාණ්ඩලික කර්නල් එස්.ජේ. ප්‍රියදර්ශන විසින් සිදු කරනු ලැබීය. මෙහිදි ‘කාර්යක්ෂමතාව’ පිළිබඳ දේශනයක් ද ඇතුලුව වැදගත් කරුණුකාරණා රැසක් ඉස්මතු කරමින් සාකච්ඡා පැවැත්විය. රජරට විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ඥාලීන්ද ප්‍ර‍මුදිත් කණ්ඩම්බි මහතා විසින් ‘Enhancing of efficiency through team work’ මැයෙන් මෙම වැඩමුළුවේ ආරාධිත දේශනය පවත්වන ලදි.latest Running Sneakers | Men's Footwear