Header

Sri Lanka Army

Defender of the Nation

30th May 2016 19:47:54 Hours

ආගමික උත්සවයට 12 වන සේනාංකයේ සහාය

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 12 වන සේනාංකයේ 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් කතරගම දේවාල පරිශ්‍රයේ දී බදාදා (25) දින පැවැත් වූ ගම්මඩු ශාන්තිකර්මය සඳහා අවැසි සහයෝගය ලබා දෙන ලදී. මෙය පැවැත්වීමේ අරමුණ වූයේ රජයට සහ ත්‍රිවිධ හමුදාවට මෙන්ම පොලීසියටත් සමස්ත ශ්‍රී ලාංකිකයන්ටත් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමයි. මේ අතර බ්‍ර‍හස්පතින්දා (26) දින කතරගම පන්නගමුව දියබැදි විහාරයේ පැවති රුහුණු පෙරහැරට ද 23 වන ගජබා රෙජිමේන්තුවේ සහ 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භට පිරිස් සහයෝගය ලබා දුන්හ. එම විහාරයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ ලබා දුන් සලාකවලින් පෙරහැර සඳහා සහභාගි වූ නර්තන ශිල්පීන්ට ආහාර පාර්සල් 1500 ක් බෙදාදීම සඳහා භට පිරිස් අතින් ආහාර සැකසීම සිදු කෙරිනි.Buy Sneakers | Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!