Header

Sri Lanka Army

Defender of the Nation

30th May 2016 19:44:15 Hours

කිලිනොච්චි අඩු ආදායම්ලාභී පිරිස් වෙත නොමිලේ ඇස්කණ්ණාඩි බෙදාදෙයි

කිලිනොච්චියේ දී යුද හමුදාව විසින් පවත්වන ලද ජංගම අක්ෂි කඳවුරේ දී තෝරාගත් අක්ෂි ආබාධ සහිත රෝගීන් 15 දෙනෙකු වෙත මැයි 24 වන දින නොමිලේ ඇස් කණ්ණාඩි බෙදාදෙන ලදි. මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ කිලිනොච්චි අඩු ආදායම්ලාභී කණ්ඩායම්වල ජනතාව වෙනුවෙන් කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන මෙසේ ආරම්භ කරන ලදි. 571 බලසේනාවේ බලසේනාධිපති කර්නල් අජිත් කොළඹතන‍්ත්‍රි විසින් මෙම අක්ෂි කාච තොගය කිලිනොච්චි දිසා රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය නිෂාධි රණසිංහ මහත්මිය වෙත ලබාදෙන ලදි. මෙම අවස්ථාව සඳහා කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන ප්‍රධාන සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ලුතිතන් කර්නල් තුසිත සිල්වා, කිලිනොච්චි දිසා රෝහලේ වෛද්‍ය ගයාන් ජයවර්ධන මහතා සහ වෛද්‍ය එල්. අනෝෂා මහත්මිය ද එක්ව සිටියහ. එමෙන්ම, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සහ කිලිනොච්චි ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකගේ සහයෝගයෙන් ‘බෝ නොවන රෝග’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් නෙළුම් පියස ශ්‍ර‍වණාගාරයේ දී පවත්වන ලදි.Sportswear free shipping | Nike