Header

Sri Lanka Army

Defender of the Nation

29th May 2016 13:03:33 Hours

ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ නව කර්නල් සේනාවිධායක රාජකාරි අරඹයි

පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු මුලස්ථානයේ දී එහි නව අධිපති ලෙස මේජර් ජෙනරාල් පී.ඩබ්.බී ජයසුන්දර පැවති උත්සවයක දී රාජකාරි භාර ගත්තේය. නව අධිපති වෙත රෙජිමේන්තු මුලස්ථානයේ දී සම්මාන මුරයක් ද එම රෙජිමේන්තු භට පිරිස් විසින් පිරිනැමූ අතර, රෙජිමේන්තු වර්ණ සමඟින් සම්මාන පෙළපාලියක් ද පිරිනැමිනි. අදාල නිල ලේඛණවලට අත්සන් තබමින් මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයසුන්දර සිය රාජකාරි නිල වශයෙන් භාර ගත් අතර, මහ සභා සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අණදෙන නිලධාරීන් සහ රෙජිමේන්තු මූලස්ථාන කාර්ය මණ්ඩලය ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. එහි දී ආගමික වතාවත් ඉටු කිරීමත්, සාම්ප්‍ර‍දායික පොල්තෙල් පහන් දැල්වීමත් සිදු කෙරිනි. උත්සවයේ වැඩකටයුතු අවසන් කිරීමට ප්‍ර‍ථම නිලධාරි නිවස්නයේ දී තේ පැන් සංග්‍ර‍හයක් ද සියලු නිලයින් සඳහා දිවා භෝජන සංග්‍ර‍හයක් ද පවත්වන ලදී. මෙම රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරි වන මේජර් ජෙනරාල් පී.ඩබ්.බී.ජයසුන්දර යුද හමුදාවේ අත්දැකීම්වලින් පිරිපුන් නිලධාරියෙකි.Nike shoes | Air Jordan Retro - 2021 Release Dates + Preview , Fitforhealth