Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
26th May 2016 16:08:38 Hours
දිවයින පුරා පිහිටි යුද හමුදා මූලස්ථාන හා කඳවුරු ආශ්රිවතව වෙසක් පොහොය වෙනුවෙන් උත්සව හා ක්රිියාකාරකම් රැසක්
පසුගිය මැයි 21 වන දිනට යෙදුනු වෙසක් පුන් පොහෝ දිනය වෙනුවෙන් යුද හමුදා ආරක්ෂක සේනා මූලස්ථානවලට අයත් සේනාංක, ඉදිරි නඩත්තු පෙදෙස, බල සේනා සහ ඒකක විසින් ආගමික උත්සව, දන්සැල්, වෙසක් පහන් කූඩු සහ විවිධ වර්ණවත් සැරසිලි ආදිය සංවිධානය කොට තිබුණි. වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරාගේ මඟ පෙන්වීම මත එම ආරක්ෂක සේනා මූලස්ථානය විසින් මිහින්තලේ සුලුගුළු රජමහා විහාරයේ දී බැති ගී සංදර්ශනයක් පැවැත්වීය. එදිනම මෙම භට පිරිස් විසින් පෙරවරුවේ සව් දන්සැලක් ද රාත්‍රියේ බත් දන්සැලක් ද සිය ගණනක් වූ සැදැහැවතුන් වෙත පිරිනමා ඇත. මෙම වැඩසටහන් සඳහා සුලුගුළු රජමහා විහාරයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය, වන්නි ආරක්ෂක සේනා ආඥාපතිවරයා, 21 වන සේනාංකයේ සේනාංකාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් වැසියන් විශාල පිරිසක් එක්ව සිටියහ. මේ අතර, මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 12 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ අධීක්ෂණය යටතේ එම සේනාංකයට අයත් මෙන්ම 121 බල සේනාවේ සහ 18 වන ගැමුණු හේවා රෙජිමේන්තුවේ භට පිරිස් එක්ව කුඹුක්කන්න විදුහල් ක්‍රීඩාංගණයේ දී වෙසක් පොහෝ දින (21) පැවැත් වූ දන්සැලෙන් සැදැහැවතුන් 10,000 කට පමණ ආහාර ලබා දී ඇත. එමෙන්ම 122 බල සේනාවේ භට පිරිස් රුහුණු කතරගම මහා දේවාලයේ ධර්ම ශාලාවේ දී වෛද්‍ය සායනයක් සෙනසුරාදා (21) දින පැවැත් වූ අතර, දේවාල භාරකාරීත්වය හා හෙල්ප් ඒජ් ව්‍යාපෘතිය මේ සඳහා සහයෝගය ලබා දී තිබේ. මෙම දේවාල පරිශ්‍රයේ දී එදිනම 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව විසින් දන්සැලක් ද පවත්වා ඇත. මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් එම සේනාංකය විසින්ම 11 වන සේනාංකයේ සහ නාලන්ද බෞද්ධ විදුහලේ සිසුන්ගේ සහයෝගය ඇතිව බැති ගී සංදර්ශනයක්, වෙසක් පහන් කූඩු ප්‍රර්ශනයක්, අයිස් ක්‍රීම් දන්සැලක් සහ විවිධ සැරසිලි ආදිය ඉදිරිපත් කලහ. නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් පුහුණු පාසල්, බල ඇණි, භට කාර්ය සම්පාදක ඒකක ආදිය එක්ව මින්නේරිය යුද හමුදා ජනපදයේ දී මැයි මස 21 - 23 දක්වා තම හැකියාවන් එළි දක්වමින් වෙසක් කලාපයක් ඉදිරිපත් කලහ. හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයේ අධ්‍යාපන අධ්‍යක්ෂගේ අනුමැතිය ඇතිව එම කලාපයට අයත් පාසල් සිසු සිසුවියන්ගේ සහභාගිත්වයෙන් බැති ගී සංදර්ශනයක් ද පවත්වා ඇත. වෙසක් කූඩු සංදර්ශනයෙන් ජය ගත්තවුන්ට ආරාධිතයින් අතින් ත්‍යාග සහ බැති ගී සංදර්ශනයට ඉදිරිපත් වූ දරුදැරියන් වෙත සහතිකපත් ද මෙහි දී පිරිනැමිනි. මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති පී.යූ.එස් විතානගේගේ අධික්ෂණය යටතේ 59 සහ 68 සේනාංක විසින් මුලතිව් සහ පුදුකුඩිඉරිප්පු නගරයන්හි දන්සැල් දෙකක් පවත්වා ඇති අතර, සියලු ප්‍රජාව අතර සංහිඳියාව වර්ධනය කිරීම මෙහි අරමුණයි. ආගමික නායකයින් සහ මුලතිව් දිස්ත්‍රික් ලේකම් ආර්. කේතීෂ්වරී මහත්මිය සමඟින් යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් ද මීට එක්වූහ. ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ දී 64 වන සේනාංකය වෙසක් වැඩසටහනක් සංවිධානය කළ අතර, බල සේනා ආඥාපතිවරු සහ බල ඇණිවල නිලධාරින් ද සෙසු නිලයින් ද මීට සහයෝගය ලබා දුනි. මෙහි දී පැවති වෙසක් පහන් කූඩු තරඟයෙන් ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙලින් දිනාගනු ලැබුවේ 13 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව, 23 වන විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු විසිනි. 641 බල සේනාධිපති විසින් ජයග්‍රාහකයින්ට ජය සංකේත ප්‍රදානය කරන ලදී. ශ්‍රී ලංකා යුද හමුදා පුරෝගාමි බලකායේ භට පිරිස් ද තම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කලහ. මධ්‍යස්ථාන සේනාවිධායකගේ මඟ පෙන්වීම යටතේ මැයි මස 21 - 23 දිනවල මෙම වැඩසටහන් පැවැත්විනි. මෙම සියලු ස්ථානවල පැවති වෙසක් පොහෝ දින උත්සව සඳහා ඒඒ ප්‍රදේශවල සේනාංකාධිපතිවරු, ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපතිවරු, බල සේනාධිපතිවරු, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයින් සඳහා සිවිල් වැසියන් විශාල පිරිසක් සහභාගිව සිටියහ.
latest Nike release
|
Men's Footwear