Header

Sri Lanka Army

Defender of the Nation

26th May 2016 13:54:09 Hours

යුද හමුදා කාරක ඉංජිනේරුවන් අනෙකුත් පාර්ශව හා එක්ව පශ්චාත් ගං වතුර කළමණාකරණයට සහාය දෙයි

පැවති ගංවතුර තත්වයෙන් පසු අවහිර වූ ජාඇල ප්‍රදේශයේ පිහිටි අත්තනගලු ඔය මෝය දොර තුලින් ජලය නිසියාකාරව බැසයාම සඳහා මෝය දොර පුළුල් කිරීමට හා එහි රැදි ඇති අපද්‍ර‍ව්‍ය ඉවත් කිරීමට 1 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ භට පිරිස් දොඹකර සහ යන්ත්‍ර‍සූත්‍ර යොදා ගනිමින් ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ මණ්ඩලය හා එක්ව බදාදා (25) දින උදෑසන සිට කටයුතු සිදු කරමින් සිටිති. තව ද පශ්චාත් ගංවතුර කළමණාකරණ ව්‍යාපෘතිය හරහා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ උපදෙස් මත තම වෘත්තිය දැනුම ප්‍රයෝජනයට ගනිමින් මෙම යුද හමුදා ඉංජිනේරු භට පිරිස් විසින් ආපදාවට ලක් වූ ප්‍රදේශවල බැකෝ යන්ත්‍ර‍ හා පුද්ගල සහාය යොදා ගනිමින් පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ කොට ඇත. ඒ අනූව අද (25) දින පෙරවරුවේ සිට ගංවතුරට හසු වූ දඬුගං ඔය, බියගම, බොල්ලෑව,හංවැල්ල සහ කඩුවෙල ආදි ප්‍රදේශවල පිරිසිදු කිරීමේ කටයුතු සඳහා සහය වෙමින් 1 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ භට පිරිස් විසින් බැකෝ යන්ත්‍ර‍ ද ආධාර කර ගනිමින් සුන්බුන් කොටස් ඉවත් කරමින් ආපදාවට ලක් වූ ස්ථාන නැවත යථාතත්වයට පත් කිරීමෙහි යුහුසුළුව ක්‍රියා කරමින් සිටිති. එමෙන්ම, මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඒ.පී.ද ඉසෙඩ් වික්‍ර‍මරත්නගේ උපදෙස් පරිදි එම ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් ගඟඉහළ කෝරළේ, කුරුඳුවත්ත සහ බේරවිල යන ප්‍රදේශවල ජීවත්වන අවතැන් වූ පවුල් 128 ක සිවිල් වැසියන් 436 ක් වෙත වියලි සලාක බෙදාදුන් අතර, ජංගම වෛද්‍ය සායනයක් ද එම භට පිරිස් විසින් පවත්වන ලදි. එදිනම, 111 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඒ.ඒ.අයි.පි. බණ්ඩාරගේ සම්බන්ධීකරණයෙන් 2 වන ශ්‍රී ලංකා රයිෆල් බලකායේ අණදෙන නිලධාරීගේ සහය ඇතිව ගඟඉහළ කෝරළේ කෙලිගෘප් ග්‍රාමසේවා වසමේ අවතැන් වූ ජනතාව වෙත වියළි සලාක බෙදාදෙන ලදි. මෙම සත්කාරක වැඩසටහන සඳහා ගලේවෙල මිතුරු සංසදය හා කටුගස්තොට පල්ලේතැන්න ගම්වාසීන් අනුග්‍රාහක දායකත්වය ලබා දී ඇත. මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩි.එස්.එන්.කේ. සේනාධිර විසින් පිළිමතලාව, රම්මලක ප්‍රදේශයේ සහ පටිතලාව දොලොස්භාගේ ප්‍රදේශයේ දරුණු ලෙස පීඩාවට පත් වැසියන් සඳහා සහනාධාර ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළ අතර, සෙනොක් සමුහ ව්‍යාපාරය විසින් ඒ සඳහා අනුග්‍රාහකත්වය දක්වන ලදි. එමෙන්ම, නොච්චියාගම කොමර්ෂල් බැංකුවේ අනුග්‍ර‍හය ඇතිව 143 බලසේනාව විසින් වියළි සලාක මළු සිය ගණනක් කලාඔය ප්‍රදේශයේ විපතට පත් පවුල් 523 ක් වෙත බෙදාදීම සිදුකෙරිනි. තවද, 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ, 4 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 10 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භට පිරිස් විසින් හංවැල්ල සහ කඩුවෙල ප්‍රදේශවල ගංවතුරින් විපතට පත් ජනතාව වෙත ආහාර, වියළි සලාක, ඇඳුම්, ලිපි ද්‍ර‍ව්‍ය සහ පානීය ජලය ආදිය ලබාදෙන ලදි.Best jordan Sneakers | Air Jordan