Header

Sri Lanka Army

Defender of the Nation

25th May 2016 16:54:04 Hours

‘අභිමංසල - 3’ හි රණවිරුවන්ට තෑගි පාර්සල් පිරිනමයි

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් පාන්ගොල්ල ‘අභිමංසල - 3’හි නේවාසිකව සිටින ආබාධිත රණවිරුවන්ට ත්‍යාග පිරිනැමීම යුද හමුදා මාධ්‍ය උපදේශක සිසිර විජේසිංහ මහතා සමඟින් දානපතීන් සහ සිංහ සමාජයේ සාමාජික පිරිසක් විසින් සිදු කරන ලදි. තුවා, කමිස, සරම් සහ නේවාසිකව සිටින රණවිරුවන්ගේ දුවා දරුවන්ට අවශ්‍ය පාසල් උපකරණ ආදි ද්‍ර‍ව්‍ය මෙම තෑගිවලට ඇතුලත් විය. මෙහි නේවාසිකව සිටින 40 - 45 ක් පමණ වන රණවිරුවන් හමු වී ඔවුන්ගේ සුවදුක් විමසීමට ද මෙම පිරිස ක්‍රියා කළ අතර, වෛද්‍ය හා පුනරුත්ථාපන කටයුතු පිළිබඳව ද විමසා බැලීය. එහි සේනාවිධායක ලුතිතන් කර්නල් ඩි.කේ. අලුදෙණිය වෙනුවෙන් අභිමංසල 3 විධායක අධිකාරි මේජර් ජේ.පී.එන්.බි. ජයසූරිය විසින් මෙම ද්‍ර‍ව්‍ය තොගය භාර ගත්හ. ආබාධිත රණවිරුවෙකු සියලුදෙනා වෙනුවෙන් ස්තුති කථාව කරමින් මෙම දානපතීන් ආබාධිත විරුවන් වෙත දක්වන සැලකිල්ල සහ ලබාදුන් අලුත් අවුරුදු තෑගි පිළිබඳව සිය ස්තුතිය පුද කරන ලදි.Sports News | Air Jordan Release Dates 2021 Updated , Gov