Header

Sri Lanka Army

Defender of the Nation

25th May 2016 11:48:12 Hours

‘සමාජවිරෝධි ක්රිවයාකාරකම්’ පිළිබඳ භට පිරිස් වෙත දැනුම ලබාදෙයි

යුද හමුදාපතිතුමාගේ උපදෙස් මත මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ‘සමාජවිරෝධි ක්‍රියාකාරකම්’ පිළිබඳ භට පිරිස් දැනුවත් කිරීමේ වැඩමුළු 3 ක් යාපනය, කිලිනොච්චි සහ මුලතිව්හි දී පසුගිය අප්‍රේල් මස 17 - 20 දක්වා පැවැත්විනි. මෙම ආරක්ෂක සේනා මූලස්ථාන භූමිවල දී ඉහත ව්‍යාපාතියේ 11 අදියර යටතේ උක්ත වැඩමුළු පැවැත් වූ අතර, සිවිල් හා හමුදා පාර්ශවවලින් සිදුවිය හැකි එම ක්‍රියාවන් පිළිබඳ වටිනා දේශන මෙසේ පැවැත්වීය. යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ දී යුද හමුදා සාමාජිකයින් 317 ක් ද කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ දී යුද හමුදා සාමාජිකයින් 477 ක් මෙන්ම මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ දී යුද හමුදා සාමාජිකයින් 295 ක් මෙම වැඩමුළු සඳහා සහභාගි වූහ. මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය මෙම සියලු ආරක්ෂක සේනා මූලස්ථාන ආවරණය වන පරිදි මෙම ව්‍යාපෘතිය දියත් කොට ඇත.url clone | Shop: Nike