Header

Sri Lanka Army

Defender of the Nation

24th May 2016 09:06:57 Hours

වෙසක් පොහොය නිමිත්තෙන් මුලතිව් සෙබලු ලේ දන්දීමක

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ භට පිරිස් රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සිකුරාදා (20) දින මුලතිව්හි යුද හමුදා මූලික රෝහලේ දී පැවැත් වූ අතර, එම අවස්ථාවට ගරු උතුරු පලාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ද සහභාගි වූවේය. උතුරු පලාත් ආණ්ඩුකාරවරයා යුද හමුදා කඳවුරු පිවිසුම අභියස දි පිළිගනු ලැබුවේ මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති විසිනි. වෙසක් පුන් පොහොය දිනය නිමිත්තෙන් මෙම ලේ දන්දීමේ වැඩසටහනට සහභාගිවීම සඳහා යුද හමුදා රෝහල වෙත යාමට ප්‍ර‍ථම වෙසක් උත්සවය නිමිති කොට ගනිමින් සූදානම් කරන ලද කටයුතු පිළිබඳව ද ආණ්ඩුකාරවරයා වෙත පැහැදිලි කෙරිනි. මුලතිව් ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේගේ උපදෙස් මත සංවිධානය කෙරුණු මෙම ලේ දන්දීමේ වැඩසටහනට වව්නියාව, කිලිනොච්චි සහ මුලතිව් රෝහල්වල ලේ බැංකු කාර්ය මණ්ඩල සහ යුද හමුදා වෛද්‍ය කණ්ඩායම් සිය දායකත්වය ලබා දුන්හ. මෙම ආරක්ෂක සේනාව යටතේ වන සේනාංක, ඉදිරි නඩත්තු පෙදෙස සහ බල සේනාවල 200 කට අධික භට පිරිසක් ලේ දන්දීම පිණිස එක්ව සිටියහ. උතුරු පලාත් ආණ්ඩුකාරවරයා, මුලතිව් ආඥාපතිවරයා, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් ද මීට එක්වූහ. best Running shoes brand | UOMO, SCARPE