Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
22nd May 2016 00:48:25 Hours
යුද හමුදා සේවා වනිතා සාමාජිකාවන් නායයෑමෙන් හානියට පත් අරණායක ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සව සඳහා සහභාගි වී විපතට පත් ජනතාව වෙත සහනාධාර ද බෙදාදෙයි
යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි නයනා ද සිල්වා මහත්මිය ප්‍රමුඛ යුද හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් රුපියල් මිලියන 1 ක් වටිනා වියළි ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොගයක් ද රැගෙන අද (20) උදෑසන නායයෑමෙන් විපතට පත් අරණායක ප්‍රදේශය වෙත ගොස් ඇත. යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ඉල්ලීමකට අනුව දියත් කළ මෙම මානුෂිය ව්‍යාපෘතිය සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ දියණිය වන චතුරිකා සිරිසේන මහත්මිය හා ඇගේ සැමියා වන තිළිණ වේවැල්පනාව මහතා ද සහභාගි වූ අතර, ඔවුන් වියන්එළිය, දෙබත්ගම, සිරිපුර, එළඟපිටිය, පල්ලෙබාගේ සහ අරණායක රත්නජොතියාරාමය යන සහන මධ්‍යස්ථාන වෙත ගොස් ජල බෝතල් හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොගයක් අවතැන් වු ජනතාව වෙත බෙදා දෙන ලදි. එහිදි මෙම සහන කණ්ඩායම එම ප්‍රදේශයට වූ හානියෙන් මියගිය ජනතාවගේ අවමංගල්‍ය උත්සවයට සහභාගිවිමෙන් අනතුරුව විපතට පත් ජනතාව සමඟින් කථාබහා කළ අතර, ඔවුන් වෙත සිය සංයෝගය ද පළ කර සිටියහ. මෙම සහනාධාර අරණායක ප්‍රාදේශීය ලේකම් වෙත භාරදුන් අතර, පවුල් 500 ක් සඳහා ප්‍රමාණවත් රුපියල් මිලියන 1 ක් වටිනා ඇඳුම්, කිරිපිටි පැකට්, හාල්, පරිප්පු, සබන්, බෙහෙත් වර්ග, විෂබිජනාශක බෝතල් ආදිය ද එහි අඩංගු විය. එම ප්‍රදේශවල සහන මෙහෙයුම්වල නිරත යුද හමුදා භට පිරිස් සිය ගණනක් එහි සිටින අතර, ඔවුන් සමඟින් කථාබහා කිරීමට ද යුද හමුදා සේවා වනිතා කණ්ඩායම අමතක නොකළහ. එසේම, බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
Sports Shoes
|
Sneakers