Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
22nd May 2016 00:28:06 Hours
යුද්ධ හමුදා භටපිරිස් විසින් නායයෑමෙන් හා ජලගැලීම්වලින් අතුරුදහන්වූවන් සෙවීම, අවතැන්වූවන් ආරක්‍ෂිත ස්ථාන කරා රැගෙන යාම හා සහන සේවා මෙහෙයුම් තවදුරටත් සිදුකරයි
පසුගිය 17 දින පස්වරුවේ සිට කෑගල්ල දිස්ත්‍රික්කයේ අරනායක ප්‍රදේශයේ ඇතිවූ නායයෑම හේතුවෙන් අවතැන්වූ ජනතාව මේ වනවිට විහාරස්ථාන හා පාසල් ඇතුළු තාවකාලික මධ්‍යස්ථානවල ආරක්‍ෂිතව රඳවා තැබීම සඳහා යුද්ධ හමුදාව පූර්ණ දායකත්වය ලබාදෙන අතර, අයහපත් කාලගුණික තත්වය හමුවේ වුවද අතුරුදහන්වූවන් සොයා තවදුරටත් සෝදිසි මෙහෙයුම්වල යෙදී සිටී. මේ අතර, 141 බළසේනාවට අයත් භටපිරිස් සෙනසුරාදා (21) දින උදෑසන බෝට්ටු 56 ක් යොදාගනිමින් කොළඹ සහ අවට ප‍්‍රදේශයන්හි අවතැන්ව සිටින පුද්ගලයින් 46,210 ක් පමණ මුදවාගෙන ආරක්‍ෂිත ස්ථාන කරා රැගෙන යාමට කටයුතු කර ඇත. එමෙන්ම, 14 සේනාංක මූලස්ථානයට අයත් භටපිරිස් විසින් යුද්ධ හමුදාව සතු බෆල් රථ, ට්‍රක් රථ හා සන්නාහ සන්නද්ධ රථ යොදාගනිමින් ආපදාවට ලක්ව තවදුරටත් නිවෙස්වල වහලවල් මත, ගස් මත හා වෙනත් අවදානම් සහිත ස්ථානයන්හි රැඳී සිටින පුද්ගලයින් මුදවාගැනීම සඳහා කටයුතු කරමින් සිටියි. පසුගිය පැය 24 තුල යුද්ධ හමුදා භටපිරිස් විසින් කැළණිය යුද්ධ හමුදා ස්වාධීන සැපයීම් බළඝණයේදී සකස්කරන ලද පිසූ ආහාර පාර්සල් 60,000 කට අධික ප්‍රමාණයක් වැල්ලම්පිටිය, කොළොන්නාව, කඩුවෙල හා අවට ප්‍රදේශයන්හි අවතැන්වූ සිවිල් ජනතාව වෙත බෙදාදීම ද සිදුකරන ලදි. යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා අද (21) දා උදෑසන දිවයිනේ විවිධ ප්‍රදේශවල හදිසි ආපදා මෙහෙයුම්වල නිරතව සිටින ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් අමතමින් දැනට සිදුකරනු ලබන මෙහෙයුම්වල වත්මන් තත්වය විමසා බැලීමෙන් පසු එම මෙහෙයුම් තවදුරටත් සාර්ථක කර ගනිමින් ආපදාවට ලක්ව ඇති ජනතාවට අවශ්‍ය පහසුකම් ලබාදීම පිළිබඳව උපදෙස් ලබාදී ඇති අතර, දැනට ඇතිවී ඇති ගංවතුර තත්වය හේතුවෙන් බෝවෙන රෝග පැතිරයාමේ අවදානම ගැන සැලකිලිමත් වන ලෙසත්, එවැනි තත්වයක් ඇතිවුවහොත් ඒ සඳහා ක්‍ෂණිකව ක්‍රියාකිරීමට හැකිවන පරිදි වෛද්‍ය බලධාරීන් සමඟ සම්බන්ධතාවයෙන් කටයුතු කරන ලෙස වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත. එලෙසම, ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම ට අයත් භටපිරිස් විසින් ගම්පොල බෙරවිල ගම්මානයට පිවිසෙන මාර්ගය නායයෑම හේතුවෙන් එම ගම්මානයේ වැසියන් දැඩි අපහසුතාවයකට පත්ව සිටි අවස්ථාවේදී එම ගම්මානයට පිවිසීම සඳහා එම මාර්ගය පසුගිය සිකුරාදා (20) දින පැය කිහිපයක් තුල සකසා ඔවුන්ගේ ජනජීවිතය යථා තත්වයට පත්කර ඇත. තවද, මහනුවර දිස්ත්‍රික්කයේ අම්බුළුවාව ප්‍රදේශයේ අවතැන්ව තාවකාලික සහන සේවා මධ්‍යස්ථානවල රැඳී සිටින සිවිල් ජනතාව වෙනුවෙන් වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීම එම ආරක්‍ෂක සේනා මූලස්ථානයට අයත් භටපිරිස් විසින් පසුගිය 20 වන දින සිදුකර ඇත. සෙනොක් සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් මැයි මස 16 වන දින නායයෑම හේතුවෙන් විපතට පත් පිලිමතලාව ඉලුක්වත්ත ප්‍රදේශයේ ජනතාව වෙත අද (21) දින වියළි සලාක බෙදා දෙන ලදි.
Asics footwear
|
【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ