Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
20th May 2016 18:52:25 Hours
යුද හමුදාපතිතුමාගේ අධීක්ෂණයෙන් සහන සේවා සහ මුදවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත්; විපතට පත්වූවන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කරමින් ඔවුනට දහස් ගණන් ආහාර පාර්සල් බෙදා දෙයි
යුද හමුදාපතිතුමාගේ අධීක්ෂණය යටතේ කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කාර්යාල විසින් කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් යුද හමුදා සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්ෂ මණ්ඩලය යටත් ඇති ස්වාධීන සැපයුම් බලඝනය විසින් කොලොන්නාව, දොම්පේ, බියගම සහ කැළණිය යන ප්‍රදේශයන්හි ගං වතුරෙන් විපතට පත් සිවිල් වැසියන් සඳහා (19) පස්වරුවේ ආහාර පාර්සල් 10,000 කට අධික ප්‍රමාණයක් බෙදා දී ඇත. නිලධාරීන් කල ඉල්ලීමට යුද හමුදාපතිතුමාගේ උපදෙස් අනුව කඩිනමින් ප්‍රතිචාර දක්වමින් සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් ඒ.කේ.පී වික්‍රමසිංහගේ මග පෙන්වීම මත කැළණිය ස්වාධීන ප්‍රවාහන බලඝනය බදාදා (18) දින පස්වරුවේ ආහාර පිසීමේ සියලු වැඩකටයුතු සංවිධානය කර ඇත. ඒ අනුව බදාදා (18) දින යුද හමුදාවෙන් ආහාර පැකට් 5000 ක් සහ බ්‍රහස්පතින්දා (19) දින ආහාර පාර්සල් 10,000 ක් සමගින් පානීය ජල බෝතල් 5000 ක් අවතැන් වූ ප්‍රදේශයන්හි රාජ්‍ය නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් ජනතාව වෙත බෙදා දෙනු ලැබීය. මේ අතරතුර යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් අවතැන් වූ සිවිල් වැසියන් මුදවා ගැනීම සඳහා පූර්ණ සහයෝගය ලබාදෙන මෙන් (19) උදෑසන සියලුම ආරක්ෂක සේනා ආඥාපතිවරුන්, සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන් සහ ඒකක අණ දෙන නිලධාරීන් සඳහා උපදෙස් ලබා දී ඇත. ශ්‍රී ලංකා නාවික හමුදාව ද බෝට්ටු මාර්ගයෙන් ගං වතුරට හසුවූ ජනතාව බේරා ගැනීමේ ක්‍රියාවන් සිදු කර ගෙන යනු ලබයි. එමෙන්ම යුද හමුදාපතිතුමාගේ උපදෙස් මත බ්‍රස්පතින්දා (19) වන විට යුද හමුදා නිලධාරීන් 71 දෙනෙකු සහ යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තු සෙබලු ඇතුළු යුද හමුදා භට පිරිස් 1500 දෙනෙකු ආපදාවන්ට ලක් වූ ප්‍රදේශයන්හි ජීවිතාරක්ෂක සහ සහන මෙහෙයුම් කටයුතු සඳහා යොදා ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර www.army.lk වෙබ් අඩවිය වෙත පැවසීය. මේ අතර, දැඩි නායයෑමට ලක් වූ කලුපහන කන්ද නිසා හානියට පත් වූ බුලත්කොහුපිටිය හා කලුපහනවත්ත ප්‍රදේශවල යුද හමුදා භට පිරිස් බ්‍රහස්පතින්දා (19) දින පස්වරුව වන විට සිදු කළ සෝදිසි කිරීම්වලින් මළ සිරුරු තුනක් සොයා ගැනීමට හැකි විය. 14 වන සේනාංකයේ භට පිරිස් නොකඩවා සිදු කරන මෙම මෙහෙයුම්වලින් මේ වන විට පිරිමි මළ සිරුරු 14 ක් මේ වන විට සොයා ගෙන ඇත. එමෙන්ම ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් අරණායක, සිරිපුර, එලගපිටිය සහ පල්ලේබාගේ ප්‍රදේශවල විහරස්ථාන, පාසල් හා වෙනත් තාවකාලික ස්ථාන 7ක රැදී සිටින අවතැන් වූ ජනතාවගේ නිවාස 130 ක් පිරිසිදු කොට නැවත වාසය පිණිස සුදුසු ලෙස සකස් කරන අතර, මෙම නායයෑමෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් 14 දෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන තිබේ. තව ද කැළණි ගඟ පිටාර ගැලීම නිසා පෑලියගොඩ, කැළණිය, බකිණිගහඇළ, දොම්පේ, කිරිඳිවැල, කඩුවෙල, බෝමිරිය, නවගමුව, අඹතලේ සහ අනෙකුත් ප්‍රදේශවල අවතැන් වූ ජනතාව මුදවා ගැනිම පිණිස බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 141 සහ 142 බල සේනාවල භට පිරිස් යුද හමුදාපතිතුමාගේ උපදෙස් මත අවශ්‍ය මූලික කටයුතු සිදු කිරීමට පියවර ගනු ලැබීය. මෙම බල සේනාවල භට පිරිස් පසුගිය තෙදින පුරා අවතැන් වූ ජනතාවට පිසු ආහාර පාර්සල් ලබා දුන් අතර, කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සහ තවත් සංවිධාන වියලි ආහාර පාර්සල් ආදිය බෙදාහැරීම සඳහා යුද හමුදාවට භාර දී ඇත. මෙම අවස්ථාවේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාව ද ගුවන් මගින් අවතැන් වු ප්‍රදේශවල ජනතාවට පිසු ආහාර පාර්සල් බෙදාදීමට එක්විය. එමෙන්ම ගම්පහ, කළුතර, ගාල්ල, රත්නපුර, කුරුණෑගල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කයන්හි හදිසි සහන සේවා කටයුතු සඳහා යුද හමුදාව විසින් පූර්ණ දායකත්වය ලබා දී ඇත. මේ අතර,අඹගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වෙන්වර් ග්‍රාමසේවා කොට්ඨාශයේ ශාන්ත ජෝන් ඩිලරි වතුයායේ ඇති වූ හදිසි සුළු නායයෑම හේතුවෙන් පවුල් 12 ක සිවිල් වැසියන් 77 දෙනෙකු අවතැන් වී ඇති අතර, එම අවතැන් වූ වැසියන් වෙත මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 22 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු සෙබලුන් විසින් ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ දී උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ තවත් සුළු අසනීප වෙනුවෙන් ජංගම වෛද්‍ය සේවා ආදී පහසුකම් සපයා ඇත. එමෙන්ම අඹගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් සමිමලේ වතුයායේ ඇති වූ නාය යාමේ තත්වය හේතුවෙන් පවුල් 18 ක සිවිල් වැසියන් 96 දෙනෙකු අවතැන්වී ඇති අතර, නාවලපිටිය, බෝවිල්වත්ත ප්‍රදේශයේ පවුල් 14කට අයත් පුද්ගලයින් 47 දෙනෙක් අවතැන් වී ඇත. ඔවුහු සමීමලේ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ සහ නාවලපිටිය බහරන්ද දමිල විදුහලේ රඳවා සිටිති. අඹගමුව සහ නාවලපිටිය ප්‍රදේශීය ලේකම් කාර්යාලයන්හි සහාය ඇතිව යුද හමුදා භට පිරිස් මෙම සිවිල් වැසියන්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සහ අනෙකුත් පහසුකම් සපයා තිබේ. මේ අතර පසුගිය මැයි (17) වන දින රාජාංගණය ජලාශයේ වාන් දොරටු විවර කිරීම නිසා සාලියවැව ප්‍රදේශවාසීන් ද කලා ඔය පිටාර ගැලීම නිසා කලාඔය ප්‍රදේශවාසීන් ද අවතැන් වී සිටින අතර, වහා ක්‍රියාත්මක වූ කලාඔය කොමිෂන් නොලත් නිලධාරි පුහුණු පාසලේ භට පිරිස් එම ප්‍රදේශයේ පිහිටි ලූර්දු මාතා දේවස්ථානයෙන් පාලනය වන වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් 25 දෙනෙක් ආරක්ෂිත ස්ථානවලට පිටත් කර හරිනු ලැබීය. මෙම භට පිරිස් විසින්ම ජල ගැල්ම නිසා අපවිත්‍ර වී සෞඛ්‍යයට තර්ජනයක් පැවති එම ප්‍රදේශයේ පිහිටි ශ්‍රී විජයාරාම විහාරය සහ දේවස්ථානය අවට ප්‍රදේශය පිරිසිදු කිරීමට ක්‍රියා කලහ. වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයට අයත් 21 සේනාංකයේ 212 බල සේනා භට පිරිස් ජල ගැල්මට හසුව අනුරාධපුර, තලාව, කටුපත්වැව ප්‍රදේශයේ පවුල් 17 ක පුද්ගලයින් 56 දෙනෙක් බදාදා (18) දින නැවත ප්‍රදේශයේ පාසල් සහ පොදු ස්ථානවල ආරක්ෂිතව රැදවීය. ඔවුනට අවැසි පිසූ ආහාර සහ මූලික වෛද්‍ය පහසුකම් ලබාදීමට භට පිරිස් ක්‍රියා කලහ. මැයි 18 වන දින මන්නාරම ප්‍රදේශයේ පිහිටි 54 වන සේනාංකයේ 542 බල සේනාවට අයත් 25 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සෙබලු සිලාවතුර, පොක්කන්නි වැවේ වාන් දොරටු විවෘත කිරීමට කටයුතු කළේ පැවති වැසි හමුවේ වැවේ ජල ධාරිතාව ඉහළයාම නිසාය. පවතින අධික වර්ෂාව හේතුවෙන් මන්නාරම, මාන්තෙයි බටහිර පිහිටි කල්ලියාඩි වැවේ ජල ධාරිතාව ඉහළයාම නිසා එහි එක් පසෙකින් ජලය කාන්දුවීමට පටන් ගෙන ඇත. වහා ක්‍රියාත්මක වූ වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ වන 54 වන සේනාංකයේ 541 බල සේනාවට අයත් 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් වැලි කොට්ට දමා එම ස්ථානය සකස් කළ අතර, වාරි සංවර්ධන නිලධාරීන් ඒ සඳහා උපදෙස් ලබා දුන්හ. වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා විසින් එම ආරක්ෂක සේනා බල ප්‍රදේශයේ සිදු වන ආපදා අවස්ථාවන් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස භට පිරිස් වෙත උපදෙස් දී ඇත. තවද 21 වන සේනාංකයේ 10 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ සෙබලු අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව, මුදුන්ගොඩ ප්‍රදේශයේ ජලයෙන් යට වූ නිවාසවල සිටි පවුල් 17 ක පුද්ගලයින් යුද හමුදා වාහනවලින් කඩිනමින් ආරක්ෂිත ස්ථාන හා පාසල් කරා යොමු කළ අතර, එම පිරිසට අවශ්‍ය මූලික වෛද්‍ය පහසුකම් සහ අනෙකුත් අවශ්‍යතා සපුරාදීමට ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල දැනුම්දීම්වලට අනූව උක්ත සෙබලු ක්‍රියා කලහ. සෙට්ටිකුලම් ප්‍රදේශයේ පිහිටි මුහුන්දන්කුලම් වැවේ බැම්ම අධික ජල මට්ටම නිසා හානියට පත්ව මන්නාරම - මැදවච්චිය මාර්ගය අවහිරවීමට තිබූ අවස්ථාවේ වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සිටින 24 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සෙබලු 30 දෙනෙක් බ්‍රහස්පතින්දා (19) දින වහා පිළිසකර කිරීමට ක්‍රියා කලහ. කිලිනොච්චි ප්‍රදේශය තුල සිදු වන ජල ගැලීම් සහ හදිසි අවස්ථාවන්වල දී ක්ෂණිකව ක්‍රියා කිරීමට එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර විසින් භට පිරිස් වෙත උපදෙස් දී ඇත. එමෙන්ම මන්නාරම යාපනය ඒ - 32 මාර්ගයේ පිහිටා ඇති මන්දගල්ආරු පාලම (18) දින විනාශයට පත් වීමෙන් යුද,නාවික සහ පොලිස් සාමාජිකයින්ගේ මැදිහත්වීමෙන් සහ නාවික හමුදා ධීවර බෝට්ටු ආධාරයෙන් එම ප්‍රදේශයයේ සිටි සිවිල් වැසියන් මුදවා ගනු ලැබීය. ඊට සමගාමීව කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයෙහි 14 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු සෙබලුන් විසින් ඒ 35 මාර්ගයේ පිහිටා ඇති ධර්මපුරම් සහ විශ්වමඩු අතර ඇති නෙතිල්ආරු පාලම ජලයෙන් විනාශ වීම වැළැක්වීම සඳහා (18) සන්ධ්‍යාවේ සෙබලුන් විසින් වැලි මළු යොදන ලදී. මේ අතරතුර කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන සිවිල් සම්බන්ධීකරණ නිලධාරීගේ සම්බන්ධීකරණයෙන් එම සෙබලුන් විසින් මැයි මස 17 සහ 18 යන දිනයන්හි අම්බල්නගර්, මරදනගර්, පරන්තන්කුඩිඉරිප්පු, නදන්පුඩිඉරිප්පු සහ උමයාලපුරම් ආදි ප්‍රදේශවල පැවති ගං වතුර තත්වය හේතුවෙන් අවතැන් වූ සිවිල් වැසියන් සඳහා ආහාර පාන ලබා දී ඇත.
latest jordan Sneakers
|
Nike Air Max 270