Header

Sri Lanka Army

Defender of the Nation

20th May 2016 13:30:14 Hours

ශ්‍රී ලංකා යුද හමුදා බොක්සිං කණ්ඩායම සිය දක්ෂතා ප්‍ර‍දර්ශනය කරයි

ශ්‍රී ලංකා කණිෂ්ඨ බොක්සිං සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ජාතික කණිෂ්ඨ බොක්සිං තරඟාවලිය - 2016 කොළඹ රාජකීය විද්‍යාලීය ප්‍ර‍ධාන ශ්‍ර‍වණාගාරයේ දී මැයි මස 10 සිට 14 දින දක්වා පැවැත්විනි. මෙම තරඟාවලිය සඳහා ක්‍රීඩා සමාජ 15 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 166 දෙනෙක් සහභාගි වූහ. මෙහි දී ශ්‍රී ලංකා යුද හමුදා බොක්සිං කණ්ඩායම සිය දක්ෂතා ප්‍ර‍දර්ශනය කරමින් රන් පදක්කම් 4 ක්, රිදී පදක්කම් 5 ක් සහ ලෝකඩ පදක්කම් 8 ක් දිනා ගැනීමට සමත් විය. එමෙන්ම ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බොක්සිං ක්‍රීඩිකාවන් ද රන් පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගත්හ.Buy Kicks | Mens Flynit Trainers