Header

Sri Lanka Army

Defender of the Nation

20th May 2016 13:28:25 Hours

ජාතික රණවිරු සැමරුම් පෙළපාලියක් බදුල්ලේ දී

තවත් ජාතික රණවිරු සැමරුම් පෙළපාලියක් සිකුරාදා (13) බදුල්ල රණවිරු ස්මාරකය අභියස දී පවත්වනු ලැබීය. ඒ සඳහා යුද හමුදා නිලධාරීන් 4 දෙනෙකු සහ සෙසු නිලයින් 65 දෙනෙකු සමගින් යුද හමුදා සාමාජිකයින් 69 දෙනෙක්, ශ්‍රී ලංකා නාවික, ගුවන්, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයින් සහ ඌව පළාත් සභාවේ දේශපාලඥයින් රැසක් ද සහභාගි වූහ. එමෙන්ම මෙම අවස්ථාව සඳහා දේශය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් ද එක් විය. උපහාර උළෙලේ ආගමික වතාවත්වලින් පසු ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයින් විසින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වනු ලැබීය. මෙම වැඩසටහන ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබීය. මෙම අවස්ථාවේ ප්‍ර‍ධාන ආරාධිත අමුත්තන් ලෙස ඌව පළාත් ආණ්ඩුකාර නීතීඥ එම්.පී ජයසිංහ මහතා සහ බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍ර‍ධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් කේ.එම්.එ.ඒ ද සිල්වා සහභාගි වූහ. Sport media | Women's Nike Air Force 1 Shadow trainers - Latest Releases , Ietp