Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
20th May 2016 13:22:42 Hours
දේශයේ අභීත රණවිරුවනට ජාතියම උපහාර පුදයි
සාමය උදා කිරීම වෙනුවෙන් සිය ජිවිත පුද කළ ත්‍රිවිධ හමුදා රණවිරුවන් සිහිපත් කිරීමේ ජාතික රණවිරු දින උත්සවය අද පස්වරුවේ (18) බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී පැවැත්විනි. නිල වශයෙන් පවත්වනු ලබන මෙම උත්සවය මෙවර පැවැත් වූයේ 7 වන වරට වන අතර, මෙම රණවිරු සැමරුම් උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වූ අතර, වසර 30 කාලයක් පුරා පැවති එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කොට රටට උදාර මෙහෙවරක් සිදු කොට දිවි පිදූ වීරෝදාර රණවිරුවන්ට එතුමා සිය උපහාරය පිදීමට මෙසේ එක්වූවේය. ආරක්ෂක අමාත්‍යාංශය සමගින් රණවිරු සේවා අධිකාරිය බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ මෙම උත්සවය සංවිධානය කළ අතර, අග්‍රාමාත්‍යවරයා, කතානායකවරයා, , ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ජනාධිපති ලේකම්, ආරක්ෂක ලේකම්, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද, නාවික හා ගුවන් හමුදාපතිවරු, පොලිස්පති සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඒ සඳහා සහභාගි වූහ. බදාදා (18) පැවති මෙම රණවිරු උපහාර උළෙල සඳහා ත්‍රිවිධ හමුදා, පොලිස් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ විරුවන් 400 දෙනෙක්, පාසල් සිසුන් 3500 ක්, දිවි පිදු රණවිරුවන්ගේ ළඟම ඥාතීන් 2900 ක් මෙම උත්සවයට එක්ව සිටියේ තම ආදරණීයයන් වන එසේ දිවි පිදූ 29932 ක් වූ රණවිරුවන් සිහිපත් කිරීම පිණිසය. දශක තුනක් පුරාවට පැවති කුරිරු ත්‍රස්තවාදය ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව 2009 මැයි මස 18 වන දින වන විට මුලුමනින්ම තුරන්කිරීම හේතුවෙන් රජය විසින් මැයි මාසය සෑම වසරකම රණවිරුවන්ගේ මාසය නමින් සිහිකරනු ලබයි. රණවිරු මාසය වෙනුවෙන් නිකුත් කරනු ලැබූ ප්‍රථම ධජය රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය විසින් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත ජනාධිපති මන්දිරයේ දී පසුගිය බ්‍රහස්පතින්දා (05) දින පළඳවනු ලැබුවාය. රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය විසින් මෙම උත්සවයට සපැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉතා උණුසුම් අයුරින් පිළිගෙන විශේෂ පිඨිකාව වෙත කැඳවාගෙන යන ලදී. මෙහි දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු පැමිණ සිටි සියලුම පිරිස් මව්බිමේ ආරක්ෂාව වෙනුවෙන් සිය ජිවිත කැපකළ රණවිරුවන් සිහිකරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක සිට සිය ගෞරවය දැක්වීමෙන් අනතුරුව ඔවුන් වෙනුවෙන් ආගමික වාතාවත් ද සිදු කොට දිවි පිදූ විරුවන්ය පිං පැතීමත්, ආබාධිත රණවිරුවන්ට සුවය පැතීමත් සිදු කරන ලදී. රණවිරුවන්ගේ වීරත්වය හා ධෛර්යය සංකේතවත් කරමින්, ත්‍රිවිධ හමුදාව සහ පොලිස් පෙරදිග තූර්යවාදක කණ්ඩායම් විසින් ඉදිරිපත් කළ හේවිසි, පුරප්පට්ටු, මඟුල් බෙර සහ ගැට බෙර වාදන ඇතුලත් සම්ප්‍රදායානුකූල රණ බෙර වාදන ආරම්භ වූයේ දිවි පිදු රණවිරුවන් සිහිපත් කරමිනි. අනතුරුව සියල්ලෝම එක් වී ජාතික ගීය ගායනා කිරීමන් පසු රණවිරු සේවා අධිකාරියේ ගරු සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා සහ අනෙකුත් අමුත්තන් පිළිගැනීමේ කථාව සිදු කරනු ලැබීය. එම අවස්ථාවේ ජාතිය අමතමින් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රණවිරුවන් සිදුකළ අමිල මෙහෙය සිහිපත් කරමින් ශ්‍රී ලාංකිකයන්ගේ වගකීම ඔවුන් රැකබලා ගැනීම බව වැඩිදුරටත් අවධාරනය කරනු ලැබීය. අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්, අගමැතිතුමා, ගරු කථානායකතුමන්, බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමා, ෆීල්ඩ් මාර්ෂල්වරයා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය, ජනාධිපති ලේකම්, ආරක්ෂක ලේකම්, ආරක්ෂක මාණ්ඩලීක ප්‍රධානී, ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් මෙන්ම රණවිරු සේවා අධිකාරියේ සභාපතිනිය රණවිරු ස්මාරකය වෙත ගොස් දිවි පිදූ සියලුම රණවිරුවන් සිහිකරමින් පුෂ්පෝපහාර දක්වන ලදී. පසුව දිවි පිදූ රණවිරුවන්ගේ ළඟම ඥාතීන් ද සිය ආදරණීය හිතවතා වෙනුවෙන් සිය ගෞරවාචාරය පුද කරනු වස් රණවිරු ස්මාරකය අභියස මල් කලඹ බැගින් තැන්පත් කරමින් පුෂ්පෝපහාර දැක්වීය. ඉන්පසු ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ තූර්යවාදක කණ්ඩායම් එක්ව හමුදා සම්ප්‍රදායානුකූලව පසු බැසීමේ නාදය ගුවනට මුසු කළේ සියල්ලන්ගේම නෙතට කඳුලක් එක්කරමින් සහ අතීත මතකය නැවත අනුස්මරණය කරමිනි. ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා හා පොලිස් නිලධාරින්, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා, ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ජා බලසේනාධිපති මේජර් ජෙනරාල් චන්න ගුණතිලක, මාණ්ඩලික නිලධාරින්, අධ්‍යක්ෂවරු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.
Nike air jordan Sneakers
|
Footwear