Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
20th May 2016 11:13:14 Hours
කැඩි ගිය වැව් බැම්ම සැකසීමට සහ අවතැන්වූවන්ට ආහාරපාන ලබාදීමට යුද හමුදාව ක්‍රියා කරයි
අරණායක ප්‍රදේශයේ සිරිපුර, එලන්ගපිටිය සහ පල්ලේබාගේ යන ස්ථානවල සිදු වූ නායයෑම් නිසා මිය ගිය පුද්ගලයින් 10 දෙනෙකුගේ මළ සිරුරු සහ තිදෙනෙකුගේ ශරීර කොටස් අද ( 18) පස්වරුව වන විට මුදවා ගැනීමේ මෙහෙයුම්වල නිරත යුද හමුදා භට පිරිස් විසින් සොයා ගෙන ඇත. යුද හමුදා කමාන්ඩෝ භටයින් විසින් අරණායක ප්‍රදේශයේ සිවිල් වැසියන් 1156 දෙනෙක් මුදවා ගෙන ඇති අතර, ඔවුන්ගෙන් 1041 දෙනෙක් විහාරස්ථාන හා පාසල් ඇතුළු තාවකාලික ස්ථානවල ආරක්ෂිතව යොමු කර ඇති අතර බදාදා (18) වන විට සෙබලු පස්වලට යට වී තිබූ තවත් තිදෙනෙකුගේ සිරුරු කොටස් සොයාගෙන ඇත. මේ අතර ගොඩබිම්හි නිරීක්ෂණ කටයුතුවල නිරත භට පිරිස්වලට ළඟා විය නොහැකි ජල ගැලීම්වලට හසු වූ ස්ථානවලට ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් යානාවලින් ගොස් ශ්‍රී නිරීක්ෂණ කටයුතු ආරම්භ කොට ඇත. තවද ශ්‍රී ලංකා නාවික හමුදාව 72 කුගෙන් යුත් හදිසි ආපදා කණ්ඩායම් ද මුහුදුබඩ හා ජල ගැලීම්වලට හසුවී තිබෙන ස්ථානවල සිය මුදවා ගැනීමේ කටයුතු සිදු කරති. ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ උපදෙස් මත අඛණ්ඩව සිය හදිසි ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම් කොළඹ, ගම්පහ, කලුතර, ගාල්ල, රත්නපුර, කෑගල්ල, කුරුණෑගල ඇතුළුව දිවයින පුරා ප්‍රදේශ රැසක ක්‍රියාත්මක කරමින් සිටිති. 14 වන සේනාංකයට අයත් 141 බල සේනාව විසින් අවතැන් වූ ජනතාව වෙනුවෙන් පිසූ ආහාර සහ පානීය ජලය බෙදාදීම පෑලියගොඩ, බකිනිගහඇල, කිරිඳිවැල සහ පූගොඩ ආදි ප්‍රදේශවල ක්‍රියාත්මක කර ඇත. දැදුරු ඔය හා තබ්බෝව වැව පිටාර ගැලීම නිසා එළුවන්කුලම, පුත්තලම, නිලබැම්ම, තබ්බෝව සහ පුත්තලම හා අනුරාධපුර ප්‍රධාන මාර්ගය අවට ප්‍රදේශවල පුද්ගලයින් 200 ක් පමණ අවතැන් වී සිටිති. 26 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් සමඟින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ නාවික හමුදාව ජල මට්ටම බැස යනතුරු මෙම අවතැන් වූ පුද්ගලයින්ට ආරක්ෂාව, නවාතැන් පහසුකම් හා අනෙක් පහසුකම් සලසා දී තිබේ. 142 බල සේනා බල ප්‍රදේශයට අයත් කඩුවෙල (200), බෝමිරිය (250), නවගමුව (60), අඹතලේ (200) සහ බියගම (33) ආදි ප්‍රදේශවල පුද්ගලයින් 743 දෙනෙක් ජල ගැලීම් නිසා අවතැන් වි සිටින අතර, ඉහත බල සේනාවට අයත් 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 14 වන (සෙව්) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් ඔවුනට උපකාර කිරීමට ඉදිරිපත් වී සිටිති. මේ අතර, හානියට පත් වී ඇති වාරියපොල ඇල්ලගෙදර වැව් බැම්ම සැකසීමට එක් නිලධාරියෙක් සහ සෙසු නිලයින් 40 දෙනෙකුගෙන් සමන්විත 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවට අයත් භට කණ්ඩායමක් කටයුතු කොට තිබේ. කැඩී ගිය වැව් බැම්ම නිසා සිදුවීමට ගිය විශාල හානිය වළක්වා ගැනීමට යුද හමුදා භට පිරිස් වැලි කොට්ට යොදා නැවත වැව් බැම්ම සැකසීම නිසා හැකි වී ඇත. එදිනම පුත්තලම - අනුරාධපුර මාර්ගය හරහා විශාල ගසක් ඇද වැටීම නිසා වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබූ අතර, භට පිරිස් එම ගස කපා ඉවත් කොට නැවත මාර්ගය යථා තත්වයට පත් කලහ. තව ද 58 වන සේනාංකයට අයත් 16 වන (සෙව්) ගැමුණු හේවා බලකායේ සෙබලු ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය හා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ එක්ව ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ අම්බලන්ගොඩ, අකුරල ප්‍රදේශයේ දරුණු මුහුදු කෑමකට ලක්වූ ස්ථානය සිය ගණනක් වැලි කොට්ට අතුරා ආරක්ෂා කිරීමට පියවර ගෙන තිබේ. එම ව්‍යාපෘතිය සඳුදා (16) සහ අඟහරුවාදා (17) දින ද ක්‍රියාත්මක කෙරිනි.
jordan Sneakers
|
Jordan Release Dates , Iicf