Header

Sri Lanka Army

Defender of the Nation

19th May 2016 12:54:35 Hours

දිළිඳු පවුල්වල දෘශ්‍යාබාධිත අයවලුන්ට නොමිලේ ඇස් කණ්නාඩි පිරිනැමේ

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ උපදෙස් මත 66 වන සේනාංකයේ භට පිරිස් විසින් පුනරීන් ප්‍රදේශයේ සිවිල් වැසියන් වෙත අක්ෂි සායනයක් පසුගිය මැයි මස 14 - 15 දෙදින පැවැත්වූයේ පුනරීන් ශ්‍රී විග්නේෂ්වරන් විද්‍යාලයේ දීය. දෙදිනක් පුරා නොමිලේ පැවැත්වූ මෙම සායනයෙන් ප්‍ර‍තිකාර ලබා ගැනීම පිණිස රෝගීන් දහසකට අධික පිරිසක් පැමිණි සිටි අතර, කොළඹ විශ්ව පාරමි පදනමේ මඟ පෙන්වීමෙන් අක්ෂි විශේෂඥ වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා සහ කාර්ය මණ්ඩලය මේ සඳහා සිය දායකත්වය ලබා දුන්හ. 66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජී.ඩබ්.ඩී.කේ ජයතිලක මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වූ අතර, අනුග්‍රාහකයින්, යුද හමුදා නිලධාරීන් සහ සෙසු නිලයින් ද ඊට එක් වූහ.latest Running | adidas Yeezy Boost 350