Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
19th May 2016 11:42:40 Hours
යුද හමුදා භට පිරිස් පවතින තත්වය හමුවේ සෑම මොහොතකම සීරුවෙන්: නව හදිසි මෙහෙයුම් මැදිරියක් ස්ථාපනය කෙරේ
මේ දිනවල දිවයින පුරා ඇදහැලෙන අධික වර්ෂාව සමඟ පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් අරණායක ප්‍රදේශයේ පිහිටි සිරිපුර, එලන්ගපිටිය, පල්ලෙබාගේ ගම්මාන ද ඇහැලියගොඩ ප්‍රදේශයේ පිහිටි දෙහිඕවිට, කොහිලගෙදර ආදි ස්ථාන ද දැරණියගල ඩෙනිස් වර්ත් වතුයාය, රන්මලක, ඉලුක්වත්ත, පිළිමතලාව, බෝහිල්වත්ත, නාවලපිටිය යන ස්ථානයන්හි නායයෑම්, ජල ගැලීම් ආදියෙන් විපතට පත් වැසියන් මුදවා ගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය සහ යුද හමුදාපතිතුමාගේ උපදෙස් මත අඟහරුවාදා (17) පස්වරුව වන විට පොලිසිය, සිවිල් ජනතාව හා වෙනත් උපකාරක සේවා සමඟින් යුද හමුදා සාමාජිකයින් සිය ගණනකට අධික පිරිසක් සහන සේවා කටයුතුවල නිරත වෙමින් සිටිති. අරණායක පිහිටි එලන්ගපිටිය, සිරිපුර සහ පල්ලෙබාගේ ප්‍රදේශයේ ඇති වූ නාය යෑම හේතුවෙන් සිවිල් වැසියන් බොහෝ පිරිසක් අවතැන් වී ඇත. මේ වන විට පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් අරණායක ප්‍රදේශයේ පවුල් 130 ක් පමණ අවතැන් වි සිටින අතර, මෙසේ නිවාස අහිමි වූ සිවිල් වැසියන් 300 දෙනෙක් පමණ ඒ ආසන්නයේ පිහිටි පාසලේ රැඳවීමට භට පිරිස් හා අනෙකුත් පාර්ශව කටයුතු කර තිබේ. නොකඩවා ඇද හැලෙන අධික වර්ෂාව සහ සුළං සහිත අයහපත් කාලගුණය හේතුවෙන් පස්, ගල් හා ගස් කඩා වැටීම නිසා දැඩි හානි සිදු වී ඇත. අරණායක ප්‍රදේශයේ පස්වරුවේ සිදු වූ නායෑම නිසා විපතට පත්වූවන්ට පිහිටවීමට නිලධාරීන් ද ඇතුළු යුද හමුදා සාමාජිකයින් 281දෙනෙක් යොදවා ඇත. විදුලිය හා මූලික අවශ්‍යතාවයන් පවා නොමැතිව වුවද එම ආපදා සහන සේවා කටයුතු සඳහා බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කාවින්ද ගුණවර්ධනගේ මඟ පෙන්වීම යටතේ ස්නයිපර් සුනඛයන් මෙන්ම බර යන්ත්‍රෝපකරණ, අනෙකුත් උපකරණ යොදා ගනිමින් ක්ෂණයකින් ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 8 වන විජයබාහු රෙජිමේන්තුව හා 4 වන කමාන්ඩෝ රෙජිමේන්තුවට අයත් 280 ක භට පිරිසක් අදාල ප්‍රදේශවලට ළඟා වී සෝදිසි මෙහෙයුම් දියත් කළ අතර, තවදුරටත් එම මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතී. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යාන්තර සම්මන්ත්‍රශාලාවේ පිහිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය විසින් විශේෂ හදිසි මුදවාගැනීමේ මෙහෙයුම් මැදිරියක් පිහිටුවා ඇති අතර, ත්‍රිවිධ හමුදා මුදවා ගැනීමේ වැඩකටයුතු සහ හදසි ආපදා අවස්ථාවන් පිළිබද කරුණු සම්බන්ධීකරණය මෙමගින් සිදු කෙරේ. පහත දුරකතන අංක ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වේ. දු.ක 0112674502/3, 0113075792, 0113070275, 0113818612 ආරක්ෂක අමාත්‍යාංශය විසින් හදිසි ක්‍රියාන්විත මැදිරියක් ස්ථාපනය කොට තොරතුරු දැනගැනීම පිණිස පහත දුරකතන අංක ඒ වෙනුවෙන් වෙන් කොට ඇත. යුද හමුදා - 0112434251 / 0113818578, නාවික හමුදා - 0112445368 / 0112212230 / 0112212231 සහ ගුවන් හමුදා - 0112343970 / 0112343971 සඳුදා (16) දින රාත්‍රියේ පිළිමතලාව, රන්මලක, ඉලුක්වත්ත ප්‍රදේශයේ නිවාස දෙකක් මතට පස් කඳු කඩා වැටීමෙන් අතුරුදහන් වූ පුද්ගලයින් හයදෙනෙකු සෙවීමේ මෙහෙයුම් සඳහා 2 වන (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරින් දෙදෙනෙක් සහ භටයින් 32 ක් යුහුසුළුව ක්‍රියා කළ අතර, මෙතෙක් සිදු කළ මෙහෙයුම්වලින් අඟහරුවාදා (17) වන විට අනතුරට පත්වූවන්ගෙන් තිදෙනෙකුගේ මළ සිරුරු සොයා ගැනීමට යුද හමුදා සෙබලුන්ට හැකි වී ඇත. එමෙන්ම සඳුදා උදෑසන (16) එම ප්‍රදේශයේ සිදු වූ විශාල පස් කන්දක් නාය යෑම හේතුවෙන් ප්‍රදේශය අවහිරවීමත් සමගම යුද හමුදා භට පිරිස් 55 දෙනෙකුට අධික පිරිසක් සහ පස් ඉවත් කිරීමේ යන්ත්‍රයොදවා එම ප්‍රදේශයට නැවත යථා තත්වයට පත්කිරීමේ වැඩ කටයුතු ආරම්භ කර ඇත. මේ අතරතුර 12 වන සේනාංකයට අයත් බුත්තල - කතරගම ප්‍රධාන මාර්ගයේ ගෝනගංආර සහ 24 සැතපුම් කණුව අසල පිහිටි පාලම අලුත්වැඩියා කිරීමට කටයුතු කර තිබූ නිසාවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනයට සකස් කර තිබූ විකල්ප මාර්ගය ද පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් විනාශයට පත්ව ගමනාගමන කටයුතු ඇණිහිට තිබූ අතර, 121 බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ.ඒ.එන්.එන් කොස්වත්තගේ අධීක්ෂණය මත එම බලසේනාවේ භට පිරිස් සහ ප්‍රදේශවාසින් එක්ව අද උදෑසන (16) වෙනත් විකල්ප මාර්ගයක් සකස් කර වාහන ගමනාගමනයට සුදුසු වන පරිදි එම මාර්ගය විවෘත කරන ලදී. එමෙන්ම බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 14 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් පී.ජී ගමගේ ලබා දුන් උපදෙස් මත ඉරිදා (15) දින පානදුර, නල්ලුරුව ප්‍රදේශයේ අධික වර්ෂාව නිසා හානියට පත් වූ නිවාස 30 ක් එම සේනාංකයේ 165 දෙනෙකුගෙන් සමන්විත භට පිරිසකගේ සහභාගීත්වයෙන් අලුත්වැඩියා කිරීමේ කටයුතු තවදුරටත් සිදු කරමින් පවතී. එමෙන්ම 583 බලසේනාවේ බලස්නාධිපති බ්‍රිගේඩියර් රන්දුල හත්නාගොඩගේ උපදෙස් මත එම බලසේනාවේ යුද හමුදා සාමාජිකයින් 60 දෙනෙකු ප්‍රදේශවාසීන්ගේද සහයෝගය ඇතිව විපතට පත් වැසියන් මුදවාගැනීමේ මෙහෙයුම්වල තවදුරටත් නිරත වේ. මේ අතරතුර පාර්ලිමේන්තු සංකීර්ණය අවට ඇති දියවන්නා ඔයෙහි ජල මට්ටම ඉහල යාමේ තර්ජනයක් ඇතිවීමත් සමගම ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා යුද හමුදා සන්නාහ සන්නද්ධ බලකා භට පිරිස්හි 25 දෙනෙකු විසින් වැලි පිර වූ මලු යොදා ගනිමින් තත්වය පාලනය කිරීමේ කටයුතුවල නිරත වන ලදී. පාර්ලිමේන්තු සංකීර්ණයේ ප්‍රධාන මාර්ගයේ මේ වන විට ජල මට්ටම අඩු වී ඇති ඇත. රටේ පවතින මෙම ආපදා තත්වය පිළිබඳව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා තම අවදානය යොමුකරමින් පවතින ආපදා තත්වය නිරීක්ෂණය කර රාජ්‍ය ආයතන සහ අනෙකුත් ප්‍රාදේශීය සංවිධාන සමඟ එක්ව එම ආපදා සහන කටයුතුවලට පූර්ණ සහයෝගය දක්වන ලෙස යුද හමුදා අධ්‍යක්ෂ මෙහෙයුම් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත දැනුම් දී ඇත. පුද්ගලයින් දෙදෙනෙක් මිය ගොස් තවත් සිවිල් වැසියන් පිරිසක් අවතැන් වූ නායයාමට ලක් වූ දැරණියගල ඩෙනිස් වර්ත් වතුයාය වෙත යුද හමුදා වෛද්‍යවරයෙක් සහ හය දෙනෙකුගෙන් යුත් හෙද කණ්ඩායමක් පිටත් කර හැරීමට යුද හමුදාව පියවර ගනු ලැබීය. මේ වන විට මිය ගිය ගණන සිවු දෙනෙක් දක්වා වැඩි වී තිබේ. යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ උපදෙස් මත මෙම යුද හමුදා වෛද්‍ය කණ්ඩායම පිටත් කර යැවූ අතර, 583 බල සේනාවේ භට පිරිස් ආපදාවට ලක්වූවන් මුදවා ගැනීම සඳහා කඩිනම් පියවර ගෙන ඇත. දිස්ත්‍රික් ලේකම්වරයාගේ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ අනෙකුත් ආයතනයන්හි උපදෙස් මත අධික වර්ෂාව හේතුවෙන් නායයෑමේ තර්ජනයට ලක්ව සිටින නාවලපිටිය, බෝහිල්වත්ත ප්‍රදේශයේ පවුල් 14 කට වැඩි පිරිසක් සඳුදා (16) දින පස්වරුවේ 2 වන ශ්‍රී ලංකා රයිෆල් බලකා සෙබලුන් විසින් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යනු ලැබූ අතර, එහි දී සෙබලුන් විසින් එම පිරිස් වෙත වෛද්‍ය සහ අනෙකුත් පහසුකම් ද ලබා දෙනු ලැබීය. මෙම භට පිරිස් පිහිටුවා ගත් වෛද්‍ය ඒකකයක් තුලින් අවතැන් වූ ජනතාවට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සැපයීමට යුහුසුළුව ක්‍රියා කරමින් සිටිති. එමෙන්ම පසුගිය පැය 24 තුල නායයෑම් හා පස්කඳු කඩා වැටීම් නිසා අවතැන් වූ සිවිල් වැසියන් 90 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අඹගමුව ලෙඩ්බෘක් සංවර්ධන මධ්‍යස්ථානයේ හා පුස්තකාල ගොඩනැගිල්ලේ රැඳී සිටින අතර, ඔවුන් වෙත පිසූ ආහාර, වෛද්‍ය පහසුකම් හා අනෙකුත් අවශ්‍යතා ලබාදීමට මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයෙහි 2 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු භට පිරිස් විසින් කටයුතු කොට ඇත. මේ අතර, 2 වන ශ්‍රී ලංකා රයිෆල් බලකායේ සෙබලු කොත්මලේ - මාස්වෙල මාර්ගය හරහා වැටී තිබූ විශාල ගසක් කපා ඉවත් කොට නැවත ගමනාගමනයට පහසු වන ලෙස මාර්ගය සකස් කිරීම සඳුදා (16) දින සිදු කර ඇත.
jordan Sneakers
|
Nike Shoes