Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
18th May 2016 14:51:22 Hours
යුද හමුදා භට පිරිස් සිය ගණනක් දිවයින පුරා පවතින හදිසි ආපදා මෙහෙයුම් කටයුතුවල නිරත වේ
මේ දිනවල පවතින අධික වර්ෂාව සහ දැඩි සුළං හේතුවෙන් දිවයින පුරා ඇති අයහපත් කාලගුණික තත්වයෙන් පීඩාවට පත් සිවිල් වැසියන් මුදවාගැනීමේ මෙහෙයුම් සහ සහන සේවා සැපයීමේ කටයුතු සඳහා ආරක්ෂක අමාත්‍යාංශය සහ යුද හමුදාපතිතුමාගේ උපදෙස් මත යුද හමුදා භට පිරිස් සිය ගණනක් මේ වන විට යොදවා ඇත. අද උදෑසන (16) ඇහැලියගොඩ දෙහිඕවිට කොහිලගෙදර ප්‍රදේශයේ සිදු වූ විශාල පස් කන්දක් නාය යෑම හේතුවෙන් ප්‍රදේශය අවහිරවීමත් සමගම යුද හමුදා භට පිරිස් 55 දෙනෙකුට අධික පිරිසක් සහ පස් ඉවත් කිරීමේ යන්ත්‍ර යොදවා එම ප්‍රදේශයට නැවත යථා තත්වයට පත්කිරීමේ වැඩ කටයුතු ආරම්භ කර ඇත. මේ අතරතුර 12 වන සේනාංකයට අයත් බුත්තල - කතරගම ප්‍රධාන මාර්ගයේ ගෝනගංආර සහ 24 සැතපුම් කණුව අසල පිහිටි පාලම අලුත්වැඩියා කිරීමට කටයුතු කර තිබූ නිසාවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනයට සකස් කර තිබූ විකල්ප මාර්ගයද පැවති අයහපත් කාලගුනික තත්වය හේතුවෙන් විනාශයට පත්ව ගමනාගමන කටයුතු ඇනහිට තබූ අතර, 121 බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ.ඒ.එන්.එන් කොස්වත්තගේ අනුදැනුම මත එම බලසේනාවේ භට පිරිස් සහ ප්‍රදේශවාසින් එක්ව අද උදෑසන (16) වෙනත් විකල්ප මාර්ගයක් සකස් කර වාහන ගමනාගමනයට සුදුසු වන පරිදි එම මාර්ගය විවෘත කරන ලදී. එමෙන්ම බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 14 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් පී.ජී ගමගේ ලබා දුන් උපදෙස් මත ඉරිදා (15) දින පානදුර නල්ලුරුව ප්‍රදේශයේ අධික වර්ෂාව නිසා හානියට පත් වූ නිවාස 30 ක් එම සේනාංකයේ 165 දෙනෙකුගෙන් සමන්විත භට පිරිසකගේ සහභගීත්වයෙන් එම නිවාස අලුත්වැඩියා කිරීමේ කටයුතු ආරම්භ කර ඇත. මේ අතරතුර දැරණියගල ඩෙනිස් වර්ත් වතුයායේ ඇති වූ හදිසි නාය යෑමේ තත්වය හේතුවෙන් එම වතුකර නිවාසවල සිටින පුද්ගලයින් තිදෙනෙකු අද උදෑසන (16) අතුරුදහන් වී ඇති අතර සහන සේවාවල නිරත යුද හමුදා භට පිරිස් ප්‍රදේශ සෝදිසි කිරීමෙන් අනතුරුව අතුරුදහන් වූ එක් පුද්ගලයෙකුගේ මල සිරුරක් සොයා ගෙන ඇත. එමෙන්ම 583 බලසේනාවේ බලස්නාධිපති බ්‍රිගේඩියර් චන්දුල හත්නාගොඩගේ උපදෙස් මත එම බලසේනාවේ යුද හමුදා සාමාජිකයින් 60 දෙනෙකු ප්‍රදේශවාසීන්ගේද සහයෝගය ඇතිව විපතට පත් වැසියන් මුදවාගැනීමේ මෙහෙයුම්වල තවදුරටත් නිරත වේ. මේ අතරතුර පාර්ලිමේන්තු සංකීර්ණය අවට ඇති දියවන්නා ඔයෙහි ජල මට්ටම ඉහල යාමේ තර්ජනයක් ඇති වීමත් සමගම ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා යද හමුදා සන්නාහ සන්නද්ධ බලකා භට පිරිස් 25 දෙනෙකු විසින් වැලි පිර වූ මලු යොදා ගනිමින් තත්වය පාලනය කිරීමේ කටයුතුවල නිරත වන ලදී. දිවයිනේ පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ආරක්ෂක අමාත්‍යාංශය විසින් ගං වතුර ආශ්‍රිත හදිසි තත්වයන් දැනුම් දීම සඳහා සහ සහය ලබා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාවේ පහත සඳහන් දුරකතන අංක මහජනතාව වෙත ලබා දී ඇත. ආරක්ෂක අමාත්‍යාංශ හදිසි ක්‍රියාන්විත මැදිරි යුද හමුදා - 0112434251 / 0113818578 නාවික හමුදා - 0112445368 / 0112212230 / 0112212231 ගුවන් හමුදා - 0112343970 / 0112343971 ඉහත දක්වන ලද දුරකතන අංක කාර්යබහුල නම් ලඟම ඇති පොලිස් ස්ථානය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට කඩිනමින් දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ. රටේ පවතින මෙම ආපදා තත්වය පිළිබඳව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා තම අවදානය යොමුකරමින් පවතින ආපදා තත්වය නිරීක්ෂණය කර රාජ්‍ය ආයතන සහ අනෙකුත් ප්‍රාදේශීය සංවිධාන සමඟ එක්ව එම ආපදා සහන කටයුතුවලට පූර්ණ සහයෝගය දක්වන ලෙස යුද හමුදා අධ්‍යක්ෂ මෙහෙයුම් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත දැනුම් දී ඇත.
Running sport media
|
FASHION NEWS