Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
07th May 2016 11:40:34 Hours
මේජර් ජෙනරාල් සුමිත් මානවඩු අභාවප්‍රාප්ත වේ
මේජර් ජෙනරාල් සුමිත් ආර්. මානවඩු ආර්ඩබ්පි ආර්එස්පි එන්ඩියූ පිඑස්සි අයිජී හදිසි අනතුරකට ලක්ව හිසට තුවාල සිදු වී කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (06) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. මේජර් ජෙනරාල් මානවඩු මෙහෙයුම් ප්‍රදේශවල මෙන්ම විවිධ තනතුරු ඔස්සේ වසර 36 කට වඩා වැඩි කාලයක් යුද හමුදා සේවයේ නිරතව සිටි අතර, ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මෙන්ම යුද හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස ද කටයුතු කළහ. 1980 වසරේ අගෝස්තු මස 11 වන දින යුද හමුදාවට එක් වූ හෙතෙම පාඨමාලා අංක 14 යටතේ ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යා පීඨයෙන් වසර 2 ක කෙඩෙට් පුහුණුවකින් අනතුරුව 1982 වසරේ පෙබරවාරි 27 වන දින දෙවන ලුතිතන්වරයෙක් ලෙස අධිකාරියට පත්විය. මේජර් ජෙනරාල් මානවඩු කාලතුවක්කු තරුණ නිලධාරි පාඨමාලාව - ඉන්දියාව (1985), කාලතුවක්කු උසස් පාඨමාලාව - ඉන්දියාව (1989), කාලතුවක්කු මාණ්ඩලික නිලධාරී පාඨමාලාව - පකිස්තානය (1995), ජ්‍යෙෂ්ඨ අණ දෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව (1997), යුද්ධ හමුදා අණ හා මාණ්ඩලික පාඨමාලාව (1998) සහ තවත් පාඨමාලා රැසක් හදාරා ඇත. තවද හෙතෙම චීනයේ බීජිං විශ්ව විද්‍යාලයේ ආරක්ෂක හා ක්‍රමෝපාය අධ්‍යනය පිළිබඳ විද්‍යාවේධී උපාධිධරයෙකි. මන්නාරම ප්‍රදේශයේ මාණ්ඩලික නිලධාරි 11, 55 වන සේනාංකයේ සේනාංකාධිපති, 552 බල සේනාවේ බලසේනාධිපති, 215 බලසේනාවේ බලසේනාධිපති, ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක, 57 වන සේනාංකයේ සේනාකාධිපති, මහනුවර (11 සේනාංකයේ) ප්‍රදේශ මූලස්ථාන ආඥාපති, දකුණු ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති, මැලේසියාවේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස් (2013 අගෝස්තු මස සිට 2015 මැයි මස දක්වා) මෙන්ම මිය යන විට යුද හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස සහ ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක ලෙස ද මේජර් ජෙනරාල් මානවඩු කටයුතු කොට ඇත. ප්‍රධාන මෙහෙයුම් ගණනාවකට සිය දායකත්වය දක්වා ඇති ඔහු රණවික්‍රම පදක්කම සහ රණ ශූර පදක්කමෙන් ද පුදනු ලැබීය. මේජර් ජෙනරාල් මානවඩු 2016 ජූලි මස 12 වන දින විශ්‍රාමයාමට නියමිතව තිබිණි. සුධර්මා මානවඩු මහත්මිය සමඟ විවාහ වී සිටි හෙතෙම දරුවන් තිදෙනෙකුගේ (දියණියන් දෙදෙනෙකුගේ සහ පුතෙකුගේ) පියෙකි. මේජර් ජෙනරාල් මානවඩුගේ අවසන් කටයුතු ඉරිදා (08) දින හමුදා ගෞරව මධ්‍යයේ සිදු කෙරේ.
Buy Sneakers
|
Nike