Header

Sri Lanka Army

Defender of the Nation

06th May 2016 19:33:36 Hours

ආරක්ෂක සේවා ටෙනිස් තරඟාවලියේ සමස්ත ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදාවට

ශ්‍රී ලංකා යුද හමුදා ටෙනිස් ක්‍රීඩකයින් ආරක්ෂක සේවා ටෙනිස් තරඟාවලිය - 2016 හි සමස්ත ශුරතාවය ප්‍ර‍ථම වතාවට හිමිකර ගත් අතර, එම තරඟාවලිය අප්‍රේල් මස 25 සිට මැයි මස 01 දක්වා මැනිං ටවුන් යුද හමුදා ටෙනිස් ක්‍රීඩා පිටියේ දී පවත්වන ලදි. එහි කණ්ඩායම් තරඟයෙහි ජයග්‍ර‍හණ කෝප්‍ර‍ල් එම්.ඩි.එල්. ප්‍ර‍නාන්දු, කෝප්‍ර‍ල් ඩබ්.ජී.එස්.ජේ.කේ. ගමගේ, තුවක්කු සෙබල එම්.එන්.ආර්.එස්. සේනානායක සහ සාමාන්‍ය සෙබල කේ. අබරාජීතන් විසින් දිනාගන්නා ලදි. එමෙන්ම, ‘විවෘත කේවල’ තරඟයේ ප්‍ර‍ථම ස්ථානය කෝප්‍ර‍ල් එම්.ඩි.එල්. ප්‍ර‍නාන්දු වෙත හිමි විය. තවද, කෝප්‍ර‍ල් ඩබ්.ජී.එස්.ජේ.කේ. ගමගේ සහ කෝප්‍ර‍ල් එම්.ඩි.එල්. ප්‍ර‍නාන්දු විසින් ‘විවෘත යුගල’තරඟයේ ජය හිමිකර ගැනීමට සමත් වූහ. ‘ප්‍ර‍වීණයන්ගේ විවෘත ඒකල’ තරඟයේ ප්‍ර‍ථම ස්ථානය යුද හමුදා මූලස්ථානයේ මූලස්ථාන බලඇණියේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් අනිල් සෝමවීර විසින් දිනා ගන්නා ලදි. මෙහි ප්‍ර‍ධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ රියර් අද්මිරාල් ජේ.ඒ.ඩි.ඒ. පෙරේරා විසින් ජයග්‍රාහකයින් වෙත කුසලාන සහ සහතිකපත් පිරිනැමීය. ශ්‍රී ලංකා යුද හමුදා ටෙනිස් කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් පී.ජේ. ගමගේ සහ ටෙනිස් පුහුණුකරු ජයේන්ද්‍ර‍ විජේසේකර මහතා මෙන්ම නරඹන්නන් බොහෝ පිරිසක් මෙම අවසන් තරඟ නැරඹීම සඳහා සහභාගි වූහ.Asics shoes | Zapatillas de running Nike - Mujer