Header

Sri Lanka Army

Defender of the Nation

06th May 2016 19:08:04 Hours

61 සහ 62 සේනාංක එල්ලේ ක්‍රීඩකයින්ගේ හමුවක්

61 සහ 62 සේනාංකවලට අයත් එක් කණ්ඩායමකට එල්ලේ ක්‍රීඩකයින් 15 දෙනෙක් බැගින් වූ එල්ලේ කණ්ඩායම් 2 කගේ සහභාගීත්වයෙන් මැයි මස 03 දින එල්ලේ තරඟාවලියක් පැවැත්විය. වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරාගේ ආශීර්වාදයෙන්, 61 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් එස්.එච්.එෆ්.පී. පෙරේරාගේ මුලිකත්වයෙන් මෙම එල්ලේ තරඟාවලිය සංවිධානය කරන ලදි. එහි අවසන් තරඟයෙන් 61 වන සේනාංක එල්ලේ ක්‍රීඩකයින් ජයග්‍ර‍හණය හිමි කර ගත් අතර, වන්නි ආරක්ෂක සේනා ආඥාපති විසින් ජයග්‍රාහකයින් වෙත කුසලාන සහ සහතිකපත් පිරිනැමීය. වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් මෙන්ම සෙසු නිලයින් ද මෙම තරඟය නැරඹිම සඳහා සහභාගි වි සිටියහ. jordan release date | Nike for Men