Header

Sri Lanka Army

Defender of the Nation

06th May 2016 18:56:19 Hours

යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සිදුකළ නව ඉදිකිරීම් කටයුතු සඳහා මහා සංඝරත්නයේ ආශිර්වාදය

දඹුලුහල්මිල්ලවැව ප්‍රදේශයේ ස්ථාපිත යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සිදු කළ නව ඉදිකිරීම් කටයුතු අවසන්වීමෙන් පසු අප්‍රේල් 29 වන දින සර්වරාත්‍රික සෙත් පිරිත් සජ්ජායනාවක් සමඟින් දානමය පිංකමක් ද පැවැත්විනි. එම රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මෙම අවස්ථාවට ප්‍ර‍ධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූයේ එහි මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එල්.එස්. බාලචන්ද්‍රගේ ආරාධනය පරිදිය. පසු දින (30) ආගමික වතාවත් හි දී භික්ෂුන් වහන්සේ උදෙසා දානමය පිංකමක් සිදුකෙරිනි. ඉන්පසු වත්මන් රෙජිමේන්තු අධිපති විසින් ප්‍ර‍ථම රෙජිමේන්තු අධිපති වන මේජර් ජෙනරාල් එස්.එම්. ද ඒ. රාජපක්ෂගේ ඡායාරූපයක් ද නිරාවරණය කරනු ලැබීය. මෙම අවස්ථාවට මේජර් ජෙනරාල් (විශ්‍රාමික) එස්.එම්. ද ඒ. රාජපක්ෂ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් ද රැසක් සහභාගි වූහ.short url link | Men’s shoes