Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
05th May 2016 10:07:27 Hours
නැගෙනහිර සෙබලුන්ගෙන් සිවිල් හා හමුදා ක්‍රියාකාරකම් රැසක්
යුද හමුදාපතිගේ උපදෙස් මත නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු භට පිරිස් විසින් පසුගිය දින කිහිපය තුල එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේ.එම්.යූ. විජේරත්නගේ මඟ පෙන්වීම මත විවිධ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන ලදි. ඒ අනුව නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු යුද හමුදා සිවිල් සේවකයින් වෙනුවෙන් ඉදිකරන ලද ගොඩනැගිල්ල පසුගිය බ්‍රහස්පතින්දා (21) දින ආඥාපතිතුමාගේ සුරතින් විවෘත කෙරිනි. දිගුකාලීන අවශ්‍යතාවයක්ව පැවති මෙම භට නිවාසයේ ඉදිකිරීම් කටයුතු නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිගේ අධීක්ෂණය මත සිදු කරනු ලැබූවේ නැගෙනහිර භට පිරිස් විසිනි. එදිනම, නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු නිලධාරින්ගේ සහ සෙසු නිලයින්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් සුහද හමුවක් පැවැත්වුයේ නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිගේ අදහසකට අනුවය. සංගීතයට, නර්තනයට මෙන්ම එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන නැරඹීමට ද එම පවුල්වල සාමාජිකයින්ට මෙහි දි අවස්ථාව උදාවිය. තවද, නැගෙනහිරි ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නිලධාරින්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීමේ අදිටනින් එම ආරක්ෂක සේනා ආඥාපතිගේ උපදෙස් මත 23 වන සේනාංකය විසින් සතියේ දින 30 ක් පුරා පැවැත් වූ ඉංග්‍රීසි භාෂා පාඨාමාලාව අප්‍රේල් 27 වන දින චාම් උත්සවයකින් අනතුරුව අවසන් විය. මෙම ආරක්ෂක සේනාවේ නිලධාරින් ඊට සහභාගි වූහ. එමෙන්ම, නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන විසින් එම ආරක්ෂක සේනා මුලස්ථාන බල ප්‍රදේශයේ සේනාංක, බලසේනා, ඉදිරි නඩත්තු පෙදෙසෙහි සහ ඒකකයන්හි රාජකාරී නියුතු නිලධාරින් සහ සෙසු නිලයින් වෙනුවෙන් අප්‍රේල් මස 25 සහ 26 යන දිනයන්හි මානව හිමිකම් සහ මානුෂීය නීති අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ සහාය ඇතිව ‘ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ සමකාලීන අභියෝග’ පිළිබඳව වැඩමුළුවක් පවත්වන ලදි. මෙහි සමාරම්භක දේශනය 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩි.ඩි.යු.කේ. හෙට්ටිආරච්චි විසින් පැවැත්විය. මෙම වැඩමුළුව මෙහෙයවිම පකිස්ථාන සහ ශ්‍රී ලංකා සන්නද්ධ හා ආරක්ෂක සේනා සඳහා ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ ප්‍රාදේශිය නියෝජිත බ්‍රිගේඩියර් ජෙනරාල් (විශ්‍රාමික) ලොයිඩ් ජිලෙට් විසින් සිදු කෙරිනි. නැගෙනහිර ආරක්ෂක සේනා බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් ඩි.එම්.එස්. දිසානායක ඇතුලු නිලධාරීන් සහ සෙසු නිලයින් මෙම වැඩසටහන සඳහා සහභාගි වූහ. මීට අමතරව, නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ඔරියන්ට් ඇකඩමි පෞද්ගලික ආයතනය සමඟ එක්ව සංවිධානය කරන ලද 2016 වසරේ පළමු මූලික පරිගණක පාඨමාලාව පසුගිය සඳුදා (25) දින එම ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ දී ආරම්භ කරනු ලැබීය. දින 21 ක් පුරා පැවැත්වෙන මෙම පරිගණක පාඨමාලාවේ සමාරම්භක දේශනය නැගෙනහිර ආරක්ෂක සේනා බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් ඩි.එම්.එස්. දිසානායක විසින් සිදු කෙරිනි. එමෙන්ම, නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 233 බලසේනා භට පිරිස් විසින් නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිගේ මගපෙන්වීම යටතේ අප්‍රේල් මස 28 වන දින වාකරේයි ප්‍රාදේශිය සභා මහජන ක්‍රීඩාංගනයේ දී අවුරුදු උත්සවයක් සංවිධානය කරන ලදි. මේ සඳහා 23 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් හෙට්ටිආරච්චි සමඟින් වාකරේ උතුර ප්‍රාදේශිය ලේකම් එස්. රාහුල්නායගි මහත්මිය සහභාගි වූ අතර, 23 වන සේනාංක බල ප්‍රදේශයේ බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිලධාරින් ද මීට එක්ව සිටියහ. එහිදි කනා මුට්ටි බිදීම, කොට්ට පොර, කඹ ඇදීම, විකට ඇඳුම් තරඟය, අවුරුදු කුමරා සහ කුමරිය තේරීම ඇතුලු සම්ප්‍රදායික මෙන්ම විනෝදාත්මක තරඟ ඉසව් රැසක් පැවැත්විය. නව අවුරුදු උදාවට සමගාමිව 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පි.එම්.ආර්. බණ්ඩාරගේ අධික්ෂණය මත එම සේනාංක භට පිරිස් විසින් අම්පාර වැඩිහිටි නිවාසයේ නේවාසිකයින් වෙත දිවා ආහාරය ලබාදෙන ලදි. එහිදි සියලු මහලු දෙමාපියන් වෙත කිරිපිටි පැකට් සහ තේ පැකට් ඇතුළු සලාක ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් 24 වන සේනාංකයේ සේනාංකාධිපති ඇතුලු සියලුම නිලයින්ගේ අනුග්‍රහයෙන් ලබාදීම සිදුකෙරිනි.
affiliate link trace
|
Air Jordan